හිරුබැසීම

 ඡායාරූපය:

හිරුබැසීම

යටකරමින් බටහිර අහස

රුහිරු ගංගාවකින්

දරුණු සොරකු විලස

ලේ රත්පැහැ ගත් දෑසින්,

බලා හිරු යන එන අය දෙස

යයි හැරී යළි නිවෙස වෙත...

 

පැමිණෙයි සැඳෑව දිගු වේලාවකට පසු

පොලිස්කාරයකු විලස

අඳුරු කළ රියක නැඟ එන...

 

දැල්වූ විගස මා පහන

පනියි අඳුර එළියට

මගේ කවුළුව අතරින්...

කවුළු තිර අදින විට

සුළං රැල්ලක්

විත් බියපත් මුවකු ලෙස

වැළඳ ගනියි මා තදින්...

 

(බෙංගාලි කවියකු වූ සුභාෂ් මුඛෝපාධ්‍යාය විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

 

සුභාෂ් මුඛෝපාධ්‍යාය (1919 - 2003)

බෙංගාලි කවියකු, නවකතා රචකයකු, පරිවර්තකයකු, විචාරකයකු මෙන්ම ළමා සාහිත්‍ය කෘති රචකයකුද වූ ඔහු කාව්‍ය සංග්‍රහයන් 18ක්, නවකතා 4ක්, චාරිකා සටහන් කෘති 5ක් සහ ළමා සාහිත්‍ය කෘති 7ක් රචනාකර ඇත. හෆීස්, හික්මත් සහ නෙරූඩා ඇතුළු කවීන්ගේ කාව්‍ය නිර්මාණ රැසක්ද ඔහු විසින් බෙංගාලි බසට පරිවර්තනය කරනු ලැබ ඇත. වර්ෂ 1964දී සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන් පිදුම් ලද ඔහු අප්‍රිකානු - ආසියානු නෙළුම් සාහිත්‍ය ත්‍යාගය, කුමාරන් අසාන් සම්මානය, ආනන්ද පුරස්කාර් සම්මානය, කාබීර් සම්මාන් සහ ඥාන්පිත් සම්මානය ඇතුළු තවත් ප්‍රසාද ප්‍රණාම ගණනාවකින් ඇගයීමට ලක්ව ඇත.

[අජිත් නිශාන්ත]

මාතෘකා