ආදිත්‍ය ගාන්ධි සහ ලීසා අබේරත්න ශාස්ත්‍රීය ප්‍රසංගයක්

 ඡායාරූපය:

ආදිත්‍ය ගාන්ධි සහ ලීසා අබේරත්න ශාස්ත්‍රීය ප්‍රසංගයක්

ලීසා අබේරත්න ගායනා ඉදිරිපත් කරන ඉන්දියානු වාද්‍ය ශිල්පී ආදිත්‍ය ගාන්ධි සහභාගි වන ශාස්ත්‍රීය ගිටාර් වාද්‍ය ප්‍රසංගයක් 2018 ජනවාරි මස 22 වන සඳුදා සවස 6ට කළුතර නගර ශාලාවේදී පැවැත්වේ.

කියුබානු සහ වෙනිසියුලානු සංගීතඥයන් විසින් නිර්මාණය කරන ලද ශාස්ත්‍රිය සංගීත ඛණ්ඩ සහ ගිටාරය ආශ්‍රිත ලතින් ඇමරිකානු හා ඉන්දියානු නිර්මාණ කිහිපයක්ද මෙහිදී සජීවීව ඉදිරිපත් කෙරේ.

සරල ගීත රසවින්දනයට හුරුව ඇති තරුණ රසික ප්‍රජාව වින්දනාත්මක ඉසව්වක් කරා යොමු කරවාලීම මෙම ප්‍රසංගයේ මූලික අරමුණ ලෙස සඳහක් කළ හැක. ප්‍රධාන නගරවලට පමණක් සීමා වූ විදෙස් ශිල්පීන්ගේ මෙවැනි ප්‍රසංගයක් නගරයෙන් බැහැරක පවත්වන මුල්ම අවස්ථාවද මෙයයි.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයා මෙහි ප්‍රධාන ආරාධිතයා වන අතර ප්‍රසංගය කලින් ආසන වෙන් කරවාගන්නා රසිකයින් සඳහා නොමිලේ පැවැත්වේ. 0771 947 460 දුරකථන අංකය ඇමතීමෙන් කලින් ආසන වෙන් කරවා ගැනීමට හැකි බව සංවිධායකයෝ දැනුම් දෙති.