පාලිත පෙරේරාගේ "තාල" ළඟදීම

 ඡායාරූපය:

පාලිත පෙරේරාගේ "තාල" ළඟදීම

චිත්‍රපට අධ්‍යක්ෂ පාලිත පෙරේරාගේ නවතම සිනමා පටය වන "තාල" ළඟදීම තිරගත වීමට නියමිතය.

සිසු ගුරු සබඳතාව මැනවින් නිරූපණය කරමින් නිර්මාණශීලි අධ්‍යාපනය පංති කාමරය තුළට ගෙන එමින් සිසුන්ගේ මතක ශක්තිය හා තාර්කික ශක්තිය ඔප්නංවන්නට වෙර දරන, දරුවන්ගේ සෞන්දර්ය කලා හැකියා ඔප්නංවන්නට වෙර දරන ගුරුවරයෙකුගේ කතාව "තාල" සිනමා සිත්තම තුළින් ගෙත්තම් කෙරේ.

නිලාන් වීරසිංහ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර නදී කම්මැල්ලවීර සහ පාලිත පෙරේරා මෙහි තිරපිටපත රචනා කොට ඇත.

හේමාල් වීරසිංහ, ජයලත් මනෝරත්න, කලණි දොඩන්තැන්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, ගිරිරාජ් කෞෂල්‍ය, චාන්දනී සෙනෙවිරත්න, ධනුෂ්ක ඩයස්, චමිලා පීරිස්, විල්සන් ගුණරත්න, ප්‍රදීප් රාමවික්‍රම, රුවන් මදනායක, ප්‍රියංක සමරවීර, නිශාන්ත ප්‍රියදර්ශන යන රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වේ.

මාතෘකා