සිනමාලෝලියකුගේ බයිස්කෝප් උන්මාදය “අයිස්ක්‍රීම්”

 ඡායාරූපය:

සිනමාලෝලියකුගේ බයිස්කෝප් උන්මාදය “අයිස්ක්‍රීම්”

නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රදීප් ධර්මදාසගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන "අයිස්ක්‍රීම්" ළඟදීම තිරගත වීමට නියමිතය.

බයිස්කෝප් උන්මාදයේ ඇළලී සිටින නාගරික ලුම්පන් පංතියේ තරුණයෙකුගේ සිහින සහ බලාපොරොත්තු "අයිස්ක්‍රීම්" චිත්‍රපටය තුළින් නිරූපණය වේ. මේ අතර නාගරික ලුම්පන් පංතියේ තරුණ තරුණියන්ගේ ජීවිත යථාර්ථයද මෙමඟින් අපූරුවට වෘත්තාන්තගත කොට ඇත. මේ සියල්ල අතරින් තාරුණ්‍යය මුසපත් කරන ආදරය, ෆැන්ටසි ලෝකය සහ හාස්‍ය "අයිස්ක්‍රීම්" තුළින් මනාව පිළිබිඹු කරයි.

"අයිස්ක්‍රීම්"හී පිටපත දක්ෂ රංගන ශිල්පියකු වන කළණ ගුණසේකරගෙන් වන අතර කෝකිලා විතානගේ සහ දුමින්ද පියරත්න එහි නිෂ්පාදන කර්තව්‍යය ඉටු කොට ඇත. කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්තිගෙන් වන අතර සංස්කරණය රුක්මාල් නිරෝෂ්ගෙනි. දිනිදු ජාගොඩ "අයිස්ක්‍රීම්"හී වර්ණ සංයෝජනය සිදු කර ඇත. මෙම සිනමාපටයේ සංගීතය කසුන් කල්හාරගෙන්ද ගී පදරචනය මංජුල වෙඩිවර්ධනගෙන් වන අතර කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා ඒ සඳහා ගීත ගායනයෙන් දායක වේ. අයිස්ක්‍රීම් සිනමාපටය සඳහා දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් රැසක් සහභාගී වේ. හේමල් රණසිංහ, සරත් කොතලාවල, අයිෂාරා අතුකෝරල, රුක්මාල් නිරෝෂ්, බිමල් ජයකොඩි, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, චමිලා පීරිස්, ඩී.බී. ගංගොඩතැන්න, මඳුශාන් නානායක්කාර, චින්තක වාස් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වේ.

අයිස්ක්‍රීම් සිනමා පටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු පසුගියදා (16) රෝයල් තැප්‍රොබේනියන්හීදි ආරම්භ කෙරුණු අතර ඒ අයිස්ක්‍රීම් සිනමා පටයේ "වංසක්කාරි" ගීතය අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟය. මෙම අවස්ථාවට සිනමා පටයට දායක වුණු පිරිස සේම ක්ෂේත්‍රයේ ශිල්පීන් රැසක් සහභාගි විය.

මාතෘකා