ඔබේ රථවාහන ගැටලුවලට අපෙන් විසඳුම්

 ඡායාරූපය:

ඔබේ රථවාහන ගැටලුවලට අපෙන් විසඳුම්

Toyota Corolla 121 වර්ගයේ මෝටර් රථයකි. එම රථය දැන් මාසයක පමණ සිට වෙනදා විදියට පිකප් වෙන්නේ නැහැ. මම එන්ජින් ටියුන්-අප් කළා. ඒත් වෙනසක් නැහැ. වාහනයේ ස්කෑන් පරික්ෂාවක් කළා. වෙනසක් නැහැ. මේකට හේතුව කුමක්ද?

සම්පත් ජයවීර - නුවර

එන්ජින් ටියුන් අප් එක නිවැරදිව සිදුවී නොමැති බව හැඟේ. බොහෝ ගරාජයන්වල ටියුන්-අප් එකේදී මූලිකවම කරනු ලබන්නේ ඉන්ජෙක්ටර් පිරිසිදු කිරීම හා ක්‍රොටල් බොඩි යන කොටස් පිරිසිදුකර නැවත සවි කිරීමයි. එය නිවැරදි නොවේ. එබැවින් ඒ පිළිබඳ හොඳින් දැනුවත් ස්ථානයකින් නිවැරදිව එය සිදුකර ගන්න. ඉන්ලට් මැනිෆෝල්ඩ් ආදියද ගලවා පිරිසිදු කරන්න. ෆුවෙල් ප්‍රෙශර් ටෙස්ට් (Pressure Test ) එකක් කර පද්ධතියේ ඉන්ධන පීඩනය පරික්ෂා කරන්න. ඉන්ජෙක්ටර්වල (Injecter) ෆ්ලෝ රේට් (Flow rate) නිවැරදි දැයි පරික්ෂා කරන්න. ස්ප්‍රේ ෂේප් (Spray shape) හා ටිප් ලීක් ටෙස්ට් (Tip leak test) යන පරීක්ෂාවන්ද සිදුකරන්න. ධාවනය කර ඇති කිලෝමීටර් ගණන අනුව සිදුකළ යුතු සේවාවන් සිදුකර ඇත්දැයි පරික්ෂා කරන්න. ස්කෑනින් ටෙස්ට් (Scanning Test) එකකින් එයාර් ෆ්ලෝ සෙන්සර් (Aie flow sensor), අවුට්පුට් වෝල්ටේජ් (Output Voltage), ඉන්ජෙක්ෂන් පල්ස් (injection pulse) ආදී දත්ත නිවැරදි දැයි පරික්ෂා කරන්න. ඔටෝ ගියර් බොක්ස් එකක් සහිත නම් එහි තත්ත්වය පිළිබඳවද පරික්ෂාකාරී වන්න. ෆුවෙල් ෆිල්ටර් (Fuel Filter) හා ස්පාර්ක් ප්ලග් (Spark plug) පිළිබඳවද අවධානය යොමුකරන්න.

 

මාගේ මෝටර් රථය Nissan FB 15 වර්ගයේ Super saloon වර්ගයේ මෝටර් රථයකි. මෙම මෝටර් රථය වාහනයකට ඉස්සර කර යාමට ඉතා අපහසුයි. පසුව මා එය ගරාජයකට පෙන්වූ පසු එහි කාර්මිකයන් මෙහි ගියර් බොක්ස් මාරුකළ යුතු බව කීවා. මම එය කළා. ඒ වුණත් ඒ ලෙඩ ඒ ආකාරයෙන්ම තියෙනවා. එන්ජින් ටියුන්-අප් එකක් කළා. ඒත් රෝගයේ කිසිඳු වෙනසක් නැහැ. මම කළ යුත්තේ කුමක්ද?

සංජිත් වික්‍රමසිංහ - පිළියන්දල

ගියර් පෙට්ටියේ ස්ටෝල් ටෙස්ට් (Stall test) එකක් කර එය නිවැරදි තත්ත්වයේ පවතීදැයි තහවුරු කරගන්න. මෙය සෑම සේවා ස්ථානයකටම සිදුකිරීමට පහසුකම් නොමැති බැවින් දැනුම හා සුදුසුකම් සහිත ගරාජයක එය සිදුකරන්න. ෆුවෙල් ප්‍රෙෂර් (Fuel pressure), ෆුවෙල් ෆිල්ටර් (Fuel filter) යන කොටස් පරික්ෂාවන් හා ක්‍රොටල් බොඩි කොටසේ අයි. එස්. සී (ISC valve) හා ටී.පී.එස් (TSP Valve) යන කොටස්වල ක්‍රියාකාරිත්වය නිවැරදි දැයි දක්ෂ කාර්මිකයකු ලවා පරික්ෂා කරගන්න. විසඳුම් ලැබේ.

 

මාගේ මොටර් රථය 2015 ජපන් ඇල්ටෝ රථයකි. මගේ රථයේ හයිබ්රිඩ් බැටරි පද්ධතියේ ක්‍රියාකාරිත්වය පෙන්වන්නේ නැත. ස්කෑන් පරික්ෂාවක් කළ පසු කීවේ අලුතින් බැටරි පද්ධතියක් දැමිය යුතු බවයි. මෙය අලුත් රථයක් නිසා මෙයට කළ යුතු දේ පහදන්න.

නිර්මාණි පෙරේරා - මහරගම

රථයේ ස්කෑනින් රිපෝර්ට් එක පරික්ෂා කළ යුතුවේ. එම පිළිතුරු ලබාදිය හැකි බැවින් එය අප වෙත එවන්න. බොහෝවිට එම දෙමුහුම් පද්ධතියට අයිති ප්‍රධාන කොටස්වල දෝෂයක් මීටර පුවරුවේ ඔටෝ ස්ටොප් (Auto Stop) දර්ශක පහන (ඉන්ඩිකේටර්) දිගටම දැල්වී පවතී. එතැනදී දෙමුහුම් ක්‍රියාකාරිත්වය සිදුනොවන අතර එය ඉතා නිවැරදිව දෝෂය පවතින්නේ හයිබ්‍රිඩ් බැටරියේද, ස්ටාර්ටර් ජෙනරේටර් (ඕල්ටනේටර්) යන්න නිවැරදිව හඳුනාගත යුතුවේ. එබැවින් මේ පිළිබඳ දැනුවත් ආයතනයකින් නිවැරදි ස්කෑන් පරික්ෂාවක් කර එය විසඳා ගත යුතුවේ.

 

 මාගේ මෝටර් රථය Toyota Prius 2012 වර්ගයේ එකකි. මෙය පහුගිය දිනක බ්‍රේක් පැඩලය වෙනදා මෙන් පෑගීමට අපහසුය. තද ගතියකින් යුතුය. ඩෑෂ් බෝඩයේද දෝෂයක් තිබෙන බව පෙන්වීය. ඉන්පසු මා ස්කෑන් පරික්ෂාවක් කළා. එහි දෝෂය වූයේ බ්‍රේක් පොම්පයේදීම හා බ්‍රේක් බූස්ටරය අලුතින් යෙදිය යුතු බව එම ආයතනය පැවසුවා. මෙය ඉතා මිල අධික බැවින් මෙය අලුතින් යෙදිය යුතුද? ලක්ෂ එක හමාරක් වැනි වියදමක් දරන්නට සිදු වෙනවා. මෙය අලුත්වැඩියා කළ හැකිද? එතරම් වියදමක් මට දරාගත නොහැකිය. නැතිනම් මෙය අලුතින්ම යෙදිය යුතුද?

කුමාර විජේසේකර - රත්නපුර

අලුතින් යෙදීමට සිදුවේ. සාමාන්‍යයෙන් කොටස් දෙකම එකවර දෝෂයකට ලක්විය නොහැක. නමුත් එක් කොටසක් යොදා ටික කලෙකින් නැවත අනෙක යෙදීමට සිදුවිය හැකිය. වෙන වෙනම මිලදී ගැනීමේදී ඉහළ මිලක් වැයවෙන අතර එකවර කොටස් දෙකම මිලදී ගැනීමේදී මිල අඩුවේ. මෙවන් දෝෂ තත්ත්වයකදී රථයේ බ්‍රේක් අඩුමට්ටමක පවතින අතර එය ධාවනයට සුදුසු නොවේ. ඉදිරිපස රෝදවල බ්‍රේක් පැවතුණද පසුපස රෝදවල බ්‍රේක් අඩුවේ. එසේම රීජෙනරේටිව් බ්‍රේක් (Regenerative break) ක්‍රියාකාරිත්වය ද සිදු නොවේ. එය එසේ හයිබ්‍රිඩ් බැටරි ඒකකයේ ආරෝපණයට හා ඉන්ධන අරපිරිමැස්ම ද බලපානු ලැබේ. අළුතින් යෙදීම වඩාත් සුදුසුවන අතර එහි මිල අධික බැවින්, එම කොටසේ ඛාණ්ඩ අංකයටම ගැළපෙන රීකන්ඩිෂන් කොටසක් වගකීමක් ලබාදෙන ස්ථානයකින් යොදාගන්න. මෙම කොටස අලුත්වැඩියා කිරීම අපහසු අතර මුදල් හා කාලය නාස්තියකි.

 

මගේ මෝටර් රථය FB 15 එකක්. මේ ළඟකදි ඉඳලා A/C ඔන් කරවිට වාහනේ දෙදරනවා. ඇන්ජින් එක ස්ලෝ වෙනවා. ඇක්ස්ලේටර් කේබල් එක ඇජස් කළා. ඒක හරිගියෙත් නැහැ. A/C එක ඕෆ් කළාම ප්‍රශ්නයක් නැහැ. මේකට හේතුව කුමක්ද?

විකුම් දේවප්‍රිය - අලුත්ගම

ඔබේ රථයේ ත්‍රොට්ල් බොඩි (Trottle Body) කොටසේ ඇති ස්ටෙපර් මෝටර් (Stepper motor) වර්ගයේ අයිඩ්ල් ස්පීඩ් කන්ට්‍රෝලර් වෑල්ව් (ISC valve) කොටස නිවැරදිව ක්‍රියාත්මක නොවේ. ඊ.එෆ්.අයි (EFI) දැනුම සහිත කාර්මිකයකු ලවා එහි ක්‍රියාකාරිත්වය, ඉලෙක්ට්‍රොනික් සම්බන්ධතාවයන් ඊ.සී. යූ(ECU) ඒකකයේ ක්‍රියාකාරිත්වය පරික්ෂාකර ගන්න. වායු සමීකරණ පද්ධතිය රථයේ එන්ජින් පරිඝනකය (Engine ECU) හා සම්බන්ධව ඇති බැවින් ස්කෑන් පරික්ෂාවකින් එම සම්බන්ධතා පරික්ෂාකර ගන්න. ටී.පී.එස් (TPS), කූලන්ට් ටෙම්ප්‍රේචර් සෙන්සර් (Coolant tempreture sensor), එන්ජින් ලෝඩ් සිග්නල් (Engine load signal), ඒ.සී. ස්විච් සිග්නල් (A/C switch signal) ආදී දත්ත නිවැරදි දැයි පරික්ෂාවට ලක් කරන්න. විසඳුම් ලැබේ.

 

 

 

 

 

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා