රථ වාහන අමතර කොටස් ගැන ඔබ දැනුවත්ද?

 ඡායාරූපය:

රථ වාහන අමතර කොටස් ගැන ඔබ දැනුවත්ද?

ඔබ මෝටර් රථයක් මිලදී ගන්නා විට මෝටර් රථයේ නඩත්තුවේදී භාවිත කරන අමතර කොටස් පිළිබඳ අවධානය යොමුකර තිබේද? වාහනයක් භාවිත කරන ඕනෑම කෙනෙක් එහි පැවැත්ම ‍පිළිබඳ සැලකිලිමත් වේ නම් නඩත්තුව නිසි අන්දමින් කළ යුතුය. නඩත්තුවකට නම් එහි අමතර කොටස් පිළිබඳ දැනුවත්කමක් තිබිය යුතුය. මෝටර් රථයක නඩත්තුවේදී භාවිත කරන අමතර කොටස් මත මෝටර් රථයේ ආයු කාලය, ඉන්ධන කාර්යක්ෂමතාව යන්න රඳා පවතී. එමෙන්ම ඕනෑම වාහනයක අමතර කොටස්වල මිල මත, සොයාගැනීම පහසුද, අපහසුද යන්න මත එම වාහනය වෙළඳපොළ මත රඳා පවතින ආකාරය රඳා පවතී.

මූලිකවම වාහනයක අමතර කොටස් වර්ග පහක් තිබේ.

ජෙනුයින් අමතර කොටස් (Genuine spare parts)

වාහනයකට අමතර කොටස් යොදයි නම් විශ්වාසයෙන් යෙදිය හැක්කේ ඉහත අමතර කොටස් වර්ගයයි. මෙහිදී ඔබ මෙම අමතර කොටස් මිලදී ගත යුත්තේ අදාළ ආයතනයෙන් පමණි. එය නියම අමතර කොටසකි. එනම් ඔබේ වාහනය වෙනුවෙන්ම නිපදවා ඇති අමතර කොටසකි.

OEM අමතර කොටස් (Original equipment manufacture)

මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන ආයතන අමතර කොටස් නිෂ්පාදනය කිරීම බොහෝ විට සිදු නොකරයි. එසෙත් නොමැතිනම් ඔවුන් සතුව ඇත්තේ සීමිත අමතර කොටස් ප්‍රමාණයකි. OEM අමතර කොටස් යනු මෝටර් රථ නිෂ්පාදන සමාගම් විසින් අමතර කොටස් නිෂ්පාදනය කරන ආයතනවලට ඒ තොරතුරු ලබා දී නිර්මාණය කරගන්නා අමතර කොටස්ය. එබැවින් මෙම අමතර කොටස්ද වාහනයට බියක් සැකක් නොමැතිව භාවිතා කළ හැකිය

ආදේශක අමතර කොටස් (Substitute spare parts)

ඉහත ආකාර දෙකටම අමතර කොටස් මිලදී ගැනීමට හැකියාවක් නොමැති විට මෙම ආදේශක භාවිතා කළ හැකිය. එයද විශ්වාසයෙන් භාවිතා කළ හැකි බව කිව හැකිය. එහෙත් එය කළ යුත්තේ ඉහත අමතර කොටස් දෙකම නැතිනම් පමණි.

ඩුප්ලිකේට් අමතර කොටස් (Duplicate spare parts)

මෙහි ඇත්තේ ජෙනුයින් අමතර කොටස්වල ස්වරූපයම වේ. නමුත් මෙහි එකම වෙනස වන්නේ ජෙනුයින් කොටසකට වඩා මෙම අමතර කොටස්වල මිල අඩු වීමයි. එනම් තුන් ගුණයකින් පමණ මිලෙහි අඩුවීමක් පවතී. ස්වරූපය එකම වුවද ගුණාත්මකභාවය අතින් පහළ බැවින් මෙය වාහනයකට යෙදීම සුදුසු නොවේ.

යූස්ඩ් හෙවත් රී කන්ඩිෂන් අමතර කොටස් (Used or recondition spare parts)

බොහෝ විට මෙම අමතර කොටස් ඩුප්ලිකේට් අමතර කොටස්වලට වඩා විශ්වාසයෙන් භාවිත කළ හැකිය. මෙම අමතර කොටස් පිටරටින් ගෙන්වන ලද වාහනවල අමතර කොටස් වේ. එම වාහන අදාළ රටවල්වල අඩු කාලයක් තුළ භාවිත කළ වාහන කොටස්ය. නිදසුනක් ලෙස වාහනයේ හෙඩ් ලයිට්ස් කුඩු වී ගියහොත් ජෙනුයින් අමතර කොටසක් මිලදී ගැනීම සමහර විට දැරිය නොහැකි මුදලක් වැය වීමක් විය හැකිය. එයට හොඳම විසඳුම රීකන්ඩිෂන් අමතර කොටසක් භාවිතයට ගැනීමයි.

අප අමතර කොටස් භාවිත කිරීමේදී ඒවා මිලට ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු පිළිවෙල වන්නේ


මගේ මෝටර් රථය NISSAN X-TRAIL 2003 වර්ගයේ ජීප් රථයකි. දවල්ට වාහනය හීට් (heat) වෙනවා. හීට් මීටර් (heat meter) එකේ උඩටම, මීටර් එකේ කටුව යනවා. (with AC) හැබැයි රෑට වාහනය පදවද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ. (with AC) දවල්ට වාහනය heat meter එක උඩටම ගියත් වැඩි වේගයකින් යනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා සහ වතුර ලෙවල් එක අඩු වෙන්නෙත් නැහැ. දැනට රේඩියේටර් ෆෑන් මාරු කරලා තියෙනවා. රේඩියේටර් එක ක්ලීන් කරලා තියෙනවා. තර්මොස්ටර් වෑල්ව් එක ගලවල තියෙනවා. මෙහෙම වීමට හේතුව කුමක්ද? කරන්න ඕන මොකක්ද?

 

නිශ්ශංක ප්‍රේමතිලක - රත්නපුර

 

රේඩියේටර් ෆෑන් නිවැරදි වේග පරාසයන්ගෙන් ක්‍රියාත්මක වේදැයි යන්නත්, නියමිත උෂ්ණත්ව පරාසය තුළ ක්‍රියාත්මක වේදැයි යන්නත් පරික්ෂාවට ලක්කරන්න. කූලින් සිස්ටම් එකේ ප්‍රෙෂර් ටෙස්ට් (Pressure test) එකක් සිදුකර කාන්දු ඇතිදැයි පරික්ෂා කරන්න. ජෙනුයින් තර්මොස්ටේට් වෑල්ව් (Genuine Thermostate valve) එකක් යොදන්න. දෝෂ සඳහා විසඳුම් ලැබේ.


TI Careena වර්ගයේ මෝටර් රථයකි. මෙහි දුම් වාර්තාව අසමත් විය. ඉන්පසු ගරාජ් එකකට ගෙනගොස් එන්ජින් ටියුන් අප් එකක් කළද වැඩක් නොවීය. මෙහි ගැටලුව කුමක්ද?

 

ළහිරු ෂෙහාන් - වලස්මුල්ල

 

ෆුවෙල් ප්‍රෙෂර් ඉන්ජෙක්ටර් ෆ්ලෝ රේට් (Fuel pressure Injector flow rate), ස්පාර්ක් ප්ලග්, හයිටෙන්ෂන් වයර් ලීඩ්ස් යනාදී කොටස්වල ක්‍රියාකාරිත්වය පරික්ෂාවකට ලක්කරන්න. වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා අසමත් වූ දුම් වාර්තාව අප වෙත එවන්න.


මගේ starlet ep82 (1993) වාහනය උදැසන (cool engine) ක්ෂණිකව ස්ටාර්ට් වේ. නමුත් කිලෝමිටර් 10ක් පමණ ධාවනය කර එන්ජිම විනාඩි 10 පමණ ඕෆ් කර තබා නැවත ස්ටාර්ට් කරන විට තප්පර 5 පමණ ක්රෑන්ක් කළ යුතු වේ. නමුත් රත්වූ එන්ජිම පැය බාගයක් පමණ නවතා තැබුවොත් ක්ෂණිකව ස්ටාර්ට් වේ. මා කළ යුත්තේ කුමක්ද? මෙසේ වන්නේ ඇයි?

 

ජයන්ත රත්නපාල - වැල්ලවාය

 

රථයේ 12V බැටරියේ තත්ත්වය හා ස්ටාටර් මෝටරය පරික්ෂා කරවා ගන්න. EF පරිපථයේ පෙර පීඩනය (Residual Pressure) නොමැති වූ විටද මෙම තත්ත්වය ඇතිවිය හැක. එබැවින් ඉන්ධන පද්ධතියේ පීඩනය, ස්ටාර්ටින්, අයිඩ්ල් ස්පීඩ්, සඩන් ඇක්ස්සලරේෂන් හා රථය නවතා විනාඩි 15කට පමණ පසු පීඩනය කොපමණද යන්න කාර්මිකයෙකු ලවා නියමිත අගය පරාසය පවතීද යැයි පරීක්ෂා කරවා ගන්න.


Maruti OMNI (2002) වෑන් රථය ට්‍රැෆික් එකක වැඩි වෙලාවක් නතරකරගෙන සිටීමට සිදුවුවහොත් එන්ජිම හීට් වී බොයිල් කිරීමට ගනී. මෙය මුල් කාලයේ පැවති ගැටලුවක් නොවේ. මම මෙය මෝටර් කාර්මිකයකුට පෙන්වා උපදෙස් ලබා ගත් අතර ඔහු පැවසුවේ රේඩියේටර් වෑල්ව් එක දැමිය යුතු බවයි. එය සිදුකළද කිසිදු වෙනසක් සිදු නොවීය. එයට හේතුව කුමක්ද? මා වෙනුවෙන් කළ යුතු දේ පැහැදිලි කරන්න.

 

ජීවක සූරයප්පෙරුම - පස්සර

 

වෝටර් පම්ප් එකේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරවා ගන්න. එන්ජිමෙහි සිසිලන පද්ධතියේ පීඩනය පරික්ෂා කරන්න. රේඩියේටර් ෆෑන් ක්‍රියාකාරී වන සීමාවන් හා ඒවායේ වේගය නිවැරදිද යන්න කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවා ගන්න. විසඳුම් ලැබේ.


Daihatsu Hijet 2011 රථයේ වායු සමීකරණ පද්ධතිය (ඒ/සී) විටින් විට ක්‍රියා විරහිත වී වාහනය සිසිල් වීම වෙනුවට උණුසුම් වාතය පිටකරයි. මෙසේ වීමට හේතුව කුමක්ද? මා කළ යුත්තේ කුමක්ද?

දුෂාන් චතුරංග - මැල්සිරිපුර

වායු සමීකරණ පද්ධතියේ (A/C) ගෑස් පීඩනය පරික්ෂා කරවා ගන්න. ඒ/සී කම්ප්‍රෙසර් (AC Compresor) ක්‍රියාකාරීත්වය, ප්‍රෙෂර් කටවුට් (Pressure Cutout) ආදි කොටස්වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරවා ගන්න. වායු සමීකරණ පද්ධතියේ විදුලි පරිපථයේ ක්‍රියාකාරීත්වයත් ඒ/සී කූලින් ෆෑන් (කන්ඩෙන්සර් ෆෑන්) ක්‍රියාකාරීත්වයත් එන්ජිමේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවා ගන්න.


මගේ මෝටර් රථය Toyota CORSA (1994) වර්ගයේ එකකි. ඩෑෂ් බෝඩයේ එන්ජිමේ උෂ්ණත්වය පෙන්වන මීටරය ඉහළට යන අතර රේඩියේටරයේ වතුර අඩුවෙන්නේ නැත. උෂ්ණත්වය වැඩි නිසා රේඩියේටරය බොයිල් වෙතැයි බියෙන් පසුවෙමි. මෙයට යෙදිය යුතු පිළියම කුමක්ද?

නිමේෂ් සිරිවර්ධන - පුත්තලම

ඩෑෂ් බෝඩ් එකේ එන්ජිමේ උෂ්ණත්වය පෙන්වන මීටරයේ දෝෂ තත්ත්වයන් ඇති යැයි සිතමි. එන්ජිමේ මීටරය සඳහා සැපයුම ලබාදෙන ටෙම්ප්‍රේචර් සෙන්සර් (Temperature Sensor) ක්‍රියාකාරිත්වයත් මීටරය දක්වා වූ විදුලි සැපයුමත් මීටරයේ ක්‍රියාකාරීත්වයත් පරික්ෂා කරවා ගන්න.


මගේ වාහනය Mitsubishi Lancer Wagon රථයෙකි (1989). පාරේ ගමන්කරන විට වාහනයේ අධික ගැස්මක් දැනෙනවා. ඊට අමතරව පිටුපස අසුනේ දෙදෙනෙකුට වඩා අසුන්ගෙන යනවිට වාහනයේ මඳක් ඇලවෙන ස්වභාවයක් තියනවා.

ජයන්ත කුඩලිගම - අගලවත්ත

දක්ෂ කාර්මිකයෙකු ලවා රථයේ සස්පෙන්ෂන් (Suspension) පද්ධතියේ ෂොක් ඇබ්සෝබර් (Shock ab-sober), කොයිල් ස්ප්‍රින්ග් (Coil Sprin), ෂොක් මවුන්ට් (Shock mount) ආදී කොටස් පරික්ෂා කරවා ගන්න. විසඳුම් ලැබේ.

මාතෘකා