ලෙඩ දෙන වාහනවලට විසඳුම් මොනවාද? | ඇස පාදන රැස


ලෙඩ දෙන වාහනවලට විසඳුම් මොනවාද?

 ඡායාරූපය:

ලෙඩ දෙන වාහනවලට විසඳුම් මොනවාද?

Toyota Vitz (2017 නිෂ්පාදිත 1000 CC) කාරය අයිඩ්ල් අවස්ථාවේදී සුළු දෙදරීමක් තියෙනවා. A/C දාලා තියෙද්දි සෙමෙන් ඇක්ස්ලේටර් එක නිදහස් කළහම නැවත දෙදරනවා. මෙයට හේතුව කුමක්ද?

කපිල ජයලත් - මාදම්පේ

නිවැරදිව එන්ජින් ටියුන්අප් (Engine tune-up) එකක් කරන්න. අවසානයේ ඉලෙක්ට්‍රොනික් වැල්ව් එකක් (Electronic throttle valve) පවතීනම් ස්කෑනින් ටෙස්ට් (Scanning Test) එකක් හරහා එය ලර්න් (Learn) කරන්න. මැප් සෙන්සර් (Map sensor), ටීපීඑස් සෙන්සර් (TPS Sensor), ඉන්ජෙක්සන් පල්ස් (Injection pulse) ආදී දත්ත හා ඉග්නේෂන් ටයිමින් (Ignition timing) නිවැරදි දැයි අයිඩ්ල් (Idle) අවස්ථාවේ පරික්ෂණයක් කරන්න. ස්පාක් ප්ලග්වල (Sparke plug) ස්වභාවය පරික්ෂාකර ගෙවී ඇත්නම් අලුතින් යොදන්න. ෆුවෙල් ෆිල්ටර් (Fuel Filter) හා ෆුවෙල් පම්ප් ප්‍රෙෂර් (Fuel pump pressure) පරික්ෂාවට ලක්කරන්න.

මගේ මෝටර් රථය Toyota Belta (2009) වර්ගයේ ස්වයංක්‍රීය රථයකි. ගියරය D සහ P අවස්ථාවේ (ඩ්‍රයිවින් සහ පාකින්) තියෙනවිට සුළු දෙදරුමක් එනවා. බොහෝ විට මේ ගැටලුව එන්නේ ට්‍රැෆික් එකේ ඉඳිද්දි. ඒ වෙලාවට ආර්. පී. එම් (RPM) එක 600 ට අඩු වෙනවා. ළඟදී ටියුන් අප් (EFI) එකක් කළා. ප්ලග් මාරු කළා. තාම අයිඩ්ල් අවස්ථාවේ තියෙද්දී ආර්. පී. එම් 600 ට ආවම පොඩි වයිබ්රේෂන් එකක් තියෙනවා. මෙයට හේතුව කුමක්ද?

ජනිත් ප්‍රනාන්දු - මීගමුව

රථයේ ඉලෙක්ට්‍රොනික් ත්‍රොට්ල් (Electronic Throttle) ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදුනොවේ යැයි සිතමි. එම ක්‍රියාකාරිත්වය සඳහා එන්ජින් පරිගණකයට (Engine ECU) ලැබිය යුතු අතර ඇප් සෙන්සර් (App Sensor), ටීපීඑස් සෙන්සර් (TPS Sensor), එන්ජින් ආර්පීඑම් (Engine RPM), කූලන් ටෙම්ප්‍රේචර් සිග්නල් (Tempreture water signal), එන්ජින් ලෝඩ් (Engine load) වැනි දත්ත අයිඩ්ල් අවස්ථාවේදී නිවැරදි දැයි පරීක්ෂාකර බලන්න. ඉග්නිෂන් කොයිල්වල (Ignition coil) හයිවෝල්ටේජ් ලීක් (Hivoltage leak) වේදැයි පරික්ෂා කරන්න.

මගේ Toyota TI careena මෝටර් රථය ගමන් කරන අවස්ථාවේදී වාහනය නැවතුණා. වාහනයේ පෙට්‍රල් පොම්පය අලුතින් හැදුවා. නැවතත් ගැටලුවක් නැතිව ටික දිනක් ධාවනය වුණත් නැවතත් එම ගැටලුව ආවා. එන්ජින් ටියුනප් (Tune-Up) කළා. ප්ලග්වල ප්‍රශ්නයක් නැහැ. නොසිතපු මොහොතක වාහනය නවතිනවා. මෙයට හේතුව කුමක් විය හැකිද?

රංජිත් සමරසේකර - නුවර

ඩිස්ට්‍රිබියුටර් (Distributor) යන කොටසේ ඉග්නිෂන් කොයිල් (Ignition Coil) හා ඉග්නයිටර් (Igniter) යන කොටස් නිවැරදි දැයි පරීක්ෂා කරන්න. එසේම එන්ජින් පරිගණකයේ (Engine E.C.U) දෝෂ තත්ත්වයක් හේතුවෙන් මෙසේ සිදුවිය හැකිය. එබැවින් ඉලෙක්ට්‍රොනික් කාර්මිකයකු ලවා ඊසීයූ (ECU) එකෙහි පරිපථය පරික්ෂා කරවාගන්න. විසඳුම් ලැබේ.

මගේ Toyota Hilux Vigo කැබ් රථයේ මුල් කාලයේ වාහනයේ කිසිදු ගැටලුකාරී තත්ත්වයක් දකින්න ලැබුණේ නැහැ. දැන් වාහනයකට ඉස්සර කරන්නවත් නොහැකියි. ඉන්ජෙක්ටර් පද්ධතිය පරික්ෂා කළා, ස්කෑන් කළා. ඒත් දෝෂ හඳුනාගන්න ලැබුනේ නැහැ. මේකට හේතුව කුමක්ද?

දුෂාන්ත මලිත් - නුගේගොඩ

ඔබේ රථය කොමන් රේල් (Common rail) එන්ජිමක් සහිත රථයක් යැයි සිතමි. රේල් ප්‍රෙෂර් සෙන්සර්, ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඇක්චුවේටර් යන කොටස්වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කරන්න. පද්ධතියේ රේල් ප්‍රෙෂර් (Rsil pressure) අඩු වී ඇත්දැයි පරික්ෂා කරන්න. ඩී. පී. එෆ් (DPF) සහිත නම් එම පද්ධතියේ තත්ත්වය පරික්ෂා කරන්න. ඊජීආර් (EGR) ක්‍රියාකාරිත්වය පරික්ෂා කරන්න. ස්කෑනින් පරික්ෂාවක් මගින් පද්ධතියේ සෙන්සර්වල දත්ත නිවැරදි පරාසයේ පවතීදැයි පරික්ෂාකරන්න හැකිනම් ඩීසල් ටියුන්අප් (Diesel Tuneup) එකක් සිදුකරන්න.

මගේ වාහනය Toyota Corsa රථයකි. චෙක් එන්ජින් ලයිට් (CHECK ENGINE LIGHT) එහෙමත් නැතිනම් මල්ෆන්ෂන් ඉන්ඩිකේටර් ලෑම්ප් (Malfunction Indicator Lamp-MIL) එක දැල්වීම ගැටලුවක්ද? එයට හේතුව කුමක්ද?

දිල්රුවන් පෙරේරා - හෝමාගම

ගැටලුවකි. ඔබේ මෝටර් රථයේ ඉලෙක්ට්‍රොනික පාලන ඉන්ධන විදුම් පද්ධතියේ එනම්, ඊපීඅයි (EPI) පද්ධතියේ කිසියම් සංවේදනයක (Sensor) හෝ ක්‍රියාකාරී උපාංගයක දෝෂ තත්ත්වයක් පවතී යැයි මෙයින් නිරූපණය කරයි. පරිගණක පාලන පද්ධතිය එහි මූලික පරිගනක වැඩසටහනට අනුකූලව ක්‍රියා නොකරන අතර මේ හේතුවෙන් වැඩි ඉන්ධන දහනයක් ධාවන බලයේ අඩුවීමක් සිදුවී තිබිය හැක. එබැවින් ඊපීඅයි (EPI) තාක්ෂණය පිලිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම සහිත කාර්මිකයකු ලවා ස්කෑන් පරික්ෂාවක් සිදුකර දෝෂ කේතය (Fault code) කියවා අදාළ අලුත්වැඩියාව සඳහා යොමුවන්න.

මගේ ටොයොටා කොරොල්ලා121 රථයේ කිහිප දිනෙක සිට එන්ජින් ලයිට් engine light එක පෙන්වනවා. ආයෙත් නැතිවෙනවා. අද 20 km විතර යද්දි slow වෙද්දි නවතිනවා. ටිකක් ඉඳලා ස්ටාර්ට් කළාම ටික දුරක් යන්න පුළුවන්. ආයෙත් නවතිනවා. ඒ වෙලාවට ස්ටාර්ට් කරපුහම slow එකේ ස්ටාර්ට් වෙනවා. Engine එක ගොඩක් ගැස්⁣සෙනවා. ගැරේජ් එකකට පෙනනුවාම coil එකක ප්‍රශ්නයක් වෙන්න ඇති කිව්වා. Engine tuneup එකක් කරන්න කිව්වා. මට දැනගන්න ඕනැ engine tuneup එකක් කරපුවහම මේ ලෙඩේ හරියයිද? Engine tuneup එකකින් ලැබෙන තවත් ප්‍රතිලාභ මොනවද? ලොකු මුදලක් වියදම් වෙනවද?

දමිත් බාලසූරිය - කළුතර

ඔබගේ මෝටර් රථයේ එයාර් ෆ්ලෝ සෙන්සර් (AirFlow sensor), කැරන්ක් සෙන්සර් (Carank sensor), කැම් සෙන්සර් (Cam sensor) ආදී සංවේදන පිළිබඳ පරික්ෂාවට ලක්කරන්න. ෆුවෙල් ප්‍රෙෂර් (Fuel Pressure) පරික්ෂා කරන්න. ෆුවෙල් පම්ප් (Fuel pump), ත්‍රොට්ල් බොඩි (Throttle body) හා ‍ෆුවෙල් ඉන්ජෙක්ටර් (Fuel injector), ස්පාර්ක් ප්ලග් (Spark plug) යන කොටස් පරික්ෂාවට ලක්කරන්න. ඉග්නේෂන් කොයිල්වල (Ignation coil) ගුණාත්මකභාවය අඩුවීමේදී මෙවන් තත්ත්වයක් ඇතිවිය හැක. එබැවින් ඒ පිළිබඳවද පරික්ෂාකාරී වෙමින් එන්ජින් ටියුන් අප් (Engine Tuneup) එකක් සිදුකිරීම යෝග්‍ය වේ. එය රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතුවේ.

සංස්කරණය [නදී මාණික්කගේ]

ආචාර්ය නුවන් මදනායක

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු/ තාක්ෂණ උපදේශක (හයිබ්‍රිඩ් මෝටර් රථ පිළිබඳ විශේෂඥ)

මාතෘකා