'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය කියන්නේ ව්‍යාපාරිකයකුට ණයකට සීමා නොවූ ශක්තියක් ලබාදෙන ණය ක්‍රමයක්

 ඡායාරූපය:

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය කියන්නේ ව්‍යාපාරිකයකුට ණයකට සීමා නොවූ ශක්තියක් ලබාදෙන ණය ක්‍රමයක්

දෙමටගොඩ- පී.බී. රමේෂ්

අධිෂ්ඨානය සහ උත්සාහය ඇති පුද්ගලයකුට සාර්ථකත්වය කරා ළඟාවීම අසීරු නොවන බව ප්‍රකට වියත් කියමනකි. සාර්ථකත්වය තමා කරා එනතෙක් පැමිණ නොසිට සාර්ථකත්වය සොයා යෑමට ධෛර්යයක් සහ උත්සාහයක් ඇත්නම් එය අවසන් වන්නේ නිසැක ජයග්‍රහණයකිනි. 'දිලෙන පහන්' තුළින් ඔබ හමුවට පැමිණි ව්‍යවසායකයන් එවැනි ජයග්‍රහණ හිමිකරගත් වූවන්ය. මේ, රසකැවිලි නිෂ්පාදනය තුළින් ව්‍යාපාර ලෝකයට පිවිසි දෙමටගොඩ 'Bahura Sweet' ව්‍යාපාරයේ හිමිකරු පී.බී රමේෂ් මහතාගේ සාර්ථකත්වයේ කතාවයි.

ඔබ ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නේ කෙසේද?

අධ්‍යාපන කටයුතු නිමකිරීමෙන් පසු මම විදේශගත වුණා. ඒ වන විට මගේ තාත්තා තමයි ව්‍යාපාරය කරගෙන යමින් සිටියේ. අපිට තිබුණේ රසකැවිලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක්. තාත්තාගෙන් පසුව තමයි මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ.

පියාගේ ව්‍යපාරය තුළ ඔබ සිදුකළ වෙනස්කම් මොනවාද?

තාත්තාගෙන් පසුව ව්‍යාපාර කටයුතු නතර වෙලයි තිබුණේ. ඒ ව්‍යාපාරය නැවත ආරම්භ කරන එක තමයි මගේ මූලිකම අදහස වුණේ. ඒ අනුව මීට අවුරුදු තුන හතරකට පෙර මම නැවත අලුතින් ව්‍යාපාර කටයුතු ආරම්භ කළා. තාත්තා ව්‍යාපාරය කරන කාලයේ අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ නිසා අලුතින් ආරම්භ කිරීම ප්‍රශ්නයක් වුණේ නැහැ.තාත්තා ව්‍යාපාරය කරන කාලයේ නිෂ්පාදනය කළේ බූන්දි ඇතුළු රසකැවිලි විතරයි. නමුත් මම ව්‍යාපාරය පටන්ගත්තට පස්සේ 'ටේක් අ වේ' එකකුත් පටන්ගත්තා. ඒ අවස්ථාවේ තමයි මට ව්‍යාපාරය දියුණු කරගන්න මූල්‍ය ශක්තියක් ඕන වුණේ. මොකද නිෂ්පාදන කටයුතු සඳහා චෙක්පත්වලින් අමුද්‍රව්‍ය මිලදී ගැනීම ටිකක් අමාරුයි. වැඩි ප්‍රමාණයක් ගන්නත් බැහැ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් කරන්න අපහසුයි. නමුත් මුදල්වලින් අමුද්‍රව්‍ය මිලදී ගැනීමෙන් ඒ අපහසුතා මඟහරවාගන්න පුළුවන්. ඒ නිසා මට විශාල මුදල් ප්‍රමාණයක අවශ්‍යතාවක් ඇතිවුණා.

'DFCC සහය' ක්ෂුද්‍ර ණය ක්‍රමය ඒ සඳහා ඔබට අත්වැලක් වුණේ කොහොමද?

DFCC බැංකුවේ කඩුවෙල ශාඛාවට තමයි මම මගේ ණය ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ. ඔවුන් මගේ ව්‍යාපාරික අවශ්‍යතාව හොඳින් හඳුනාගෙන ඒ අනුව මට රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබාදුන්නා. ඇත්තටම DFCC බැංකුව කියන්නේ ණය මුදලක් ලබාදීලා එතැනින් ගනුදෙනුකරුවාව අතහරින බැංකුවක් නෙවෙයි. ඔවුන් අපේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් වැඩමුළු පවා පවත්වමින් මූල්‍ය කළමනාකරණය ඇතුළු ව්‍යාපාරිකයන්ට වැදගත් වන කරුණු රාශියක් ගැන දැනුවත් කරනවා. ඒක ව්‍යසායකයකුට විශාල ශක්තියක්. මගේ ව්‍යාපාරයට ශක්තියක් අත්වැලක් වුණ DFCC බැංකුවට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාරොත්තු වන කාටත් මම කියන්නේ DFCC බැංකුවකට ගිහින් 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ණය මුදලක් ලබාගෙන ව්‍යාපාරය පටන් ගන්න කියලයි.

මේ වන විට ඔබේ ව්‍යාපාරය ලබා තිබෙන සාර්ථකත්වය කෙබඳුද ?

මුලින් කිව්වා වගේ මට තිබුණ මූලික ප්‍රශ්නය වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මිලදී ගැනීමේ අපහසුතාව විසඳුණා. ඒ නිසා මට දැන් පහසුවෙන් මගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මගේ ව්‍යාපාරය තුළ තවත් හතරදෙනකුට රැකියා අවස්ථා ලබාදී තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් ව්‍යාපාරය දියුණු කරගැනීමයි මගේ බලාපොරොත්තුව.

[සුරේකා නිල්මිණී ඉලංගකෝන්]


"අපි මූල්‍ය ශක්තිය වගේම මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි අවබෝධයත් ව්‍යවසායකයන්ට ලබාදෙනවා"

හර්ෂණී සමරදිවාකර - කළමනාකාරිනි - DFCC කඩුවෙල ශාඛාව

DFCC බැංකුව හඳුන්වාදුන් 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යනු ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරගැනීමට බොහෝ දෙනකුට අවස්ථාව සලසා දුන් ණය ක්‍රමයකි. DFCC බැංකුවේ කඩුවෙල ශාඛාවද 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් මේ වන විට කුඩා ව්‍යසායකයන් රැසකට මූල්‍ය ශක්තිය ලබාදී තිබේ. දෙමටගොඩ රමේෂ්ගේ ව්‍යාපාරයට ශක්තියක් වූ කඩුවෙල DFCC බැංකු ශාඛාවේ කළමනාකාරිනි හර්ෂණී සමරදිවාකර මහත්මියගෙන් අපි ඒ පිළිබඳ වැඩි විස්තර විමසුවෙමු.

දෙමටගොඩ රමේෂ් මහතාගේ ණය ව්‍යාපෘති යෝජනාවට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් සහයෝගය ලබාදුන්නේ කොහොමද?

ඔහුගේ ණය ව්‍යපෘති යෝජනාව අපේ ශාඛාවේ 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ සහකාර බැංකු නිලධාරි කසුන් දිලීප මහතා විසින් හොඳින් අධ්‍යයනය කළා. රමේෂ් අරමුණක් සහ සැලසුමක් ඇතිව කටයුතු කරන ව්‍යාපාරිකයකු බව අපිට වැටහුණා. ඒ නිසා ඔහුට අපි මුල් අවස්ථාවේදීම මෙම ණය යෝජනාව ක්‍රමය තුළින් ලබාදිය හැකි උපරිම ණය මුදල වන ලක්ෂ 5ක් ලබාදුන්නා. ඔහුට ඒ මුදල ලොකු ශක්තියක් වුණා. විශේෂයෙන් චෙත්පත්වලින් ගනුදෙනු කිරීම නිසා ඔහුගේ ව්‍යාපාරයට එල්ල වී තිබූ බාධාවන් එම ණය මුදල ලැබීම නිසා වළක්වා ගන්න ඔහුට හැකිවී තිබෙනවා.

මේ වන විට ඔහුගේ ව්‍යාපාරයේ තත්ත්වය කෙසේද?

රසකැවිලි නිෂ්පාදනයට අමතරව ඔහු 'ටේක් අ වේ' ව්‍යාපාරයකුත් ආරම්භ කර තිබෙනවා. එයින් ඔහුගේ ආදායම් මට්ටම ඉහළට පැමිණ තිබෙනවා. ඒ වගේම ඔහු ළඟ තවත් කිහිපදෙනෙකුට රැකියා අවස්ථා සලසා දී තිබෙනවා. ඒ ගැන අපි ඉතා සතුටු වෙනවා.

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම යටතේ ඔබ බැංකු ශාඛාවෙන් මූල්‍ය සවිය ලැබූ කුඩා ව්‍යවසායකයන් ගැන වැඩි විස්තර සඳහන් කරනවා නම්?

මේ වන විට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් විවිධ ක්ෂේත්‍රවල කුඩා ව්‍යවසායකයන් රැසක් අප සමඟ සම්බන්ධ වී සිටිනවා. ඒ අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ, කිරි කර්මාන්තයේ සහ කෘෂි ක්ෂේත්‍රයේ නියැලි විශාල පිරිසක් සිටිනවා. DFCC බැංකුව 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ආරම්භ කළේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අය කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්මයි. නමුත් ණය මුදලක් ලබාදීම ඉක්මවා ගිය සහයෝගයක් මෙම ණය ක්‍රමය තුළින් අප ඔවුන්ට ලබාදෙනවා. ඒ වගේම මූල්‍ය ශක්තිය වගේම ව්‍යාපාරයක සාර්ථකත්වයට ඉතා වැදගත් වන මූල්‍ය කළමනාකරණ උපදෙස්, නව බැංකු ක්‍රම, නීතිරීති පිළිබඳ පවා අපි අපේ ගනුදෙනුකරුවන් දැනුවත් කරනවා. ණය මුදලක් ලබාදීමෙන් පමණක් එම ව්‍යවසායකයා සහ DFCC බැංකුව අතර තිබෙන සබඳතාව නැතිවන්නේ නැහැ. අපි අවශ්‍ය අවස්ථාවලදී පසු විපරම් කරමින් ඔහු සාර්ථකත්වය කරා ගෙනයාමටනිබඳව කැපවී සිටිනවා. ඒ නිසා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් තියෙන ඕනම කෙනෙකුට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි බව කිව යුතුයි.

මාතෘකා