LSC වෙතින් නව පදනම් සහ උසස් ඩිප්ලෝපා පාඨමාලා

 ඡායාරූපය:

LSC වෙතින් නව පදනම් සහ උසස් ඩිප්ලෝපා පාඨමාලා

ලන්ඩන් ස්කූල් ඔෆ් කොමර්ස් විදුහල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී තිමති අශාන්ත අන්ද්‍රාදි මහතාගේ මූලිකත්වයෙන් 2011 වසරේ දී ආරම්භ කෙරුණු 'ද බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් කොමර්ස්' ආයතනය, මෙම වසරේ ඔක්තෝ්බර් මාසයේ පටන් නව පදනම් හා උසස් ඩිප්ලෝමා පාඨමාලා රැසක් සහ උපාධි පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීමට සුදානමින් පසු වේ.

නව වැඩසටහන් හඳුන්වාදීම වෙනුවෙන් පැවැති අවස්ථාවට එක් වූ සිසුන් සහ ආරාධිතයන් අමතමින් 'ස්කූල් ඔෆ් කොමර්ස්' විදුහල් ජාලයේ ජාත්‍යන්තර ප්‍රවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ ජෝන් පිලිප්ස් මෙසේ පැවැසීය.

"මෙම පදනම් සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමෙන් පසුව වාණිජ විෂයය සම්බන්ධ උපාධි පාඨමාලා සඳහා ඇතුළත්වීමට සිසුන්ට අවස්ථාව උදාවෙනවා වගේම වෙනත් රටක ඉගෙනීමටත් අවස්ථාව හිමිවෙනවා. වැඩිදුරටත් කිව්වොත් අපේ පදනම් හෝ උසස් පාඨමාලා හැදෑරීමෙන් මේ සිසුන්ට ලෝකයේ බොහෝ රටවල පිළිගන්නා පිරිනමන සහතිකයක් හිමිවෙනවා"


මයික්‍රො කාර් සමාගම MG පාරිභෝගිකයන්ට අලෙවියෙන් පසු සේවා පුළුල් කරයි

අද්විතීය බ්‍රිතාන්‍ය සන්නාමයක් වන MG වර්තමානයේ වැඩියෙන් ම අලෙවි වන SUV රථය වේ. එහි ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන මයික්‍රෝ කාර් සමාගම විසින් MG SUV රථය සඳහා අලෙවියෙන් පසු ක්ෂණික සේවය නගා සිටුවීම උදෙසා අවධානය යොමු කර තිබේ. එමනිසා, මෝටර් රථ සේවා සහ උපාංග කර්මාන්තයේ ප්‍රසිද්ධ නාමයන් දෙකක් සමගින් මයික්‍රෝ සමාගම අත්වැල් බැඳගෙන ඇත. ඒ මගින් මයික්‍රෝ සමාගම හරහා MG SUV වාහන මිල දී ගත් අයට පුළුල් පරාසයක ක්ෂණික සේවා ස්ථාන සැපයීම සහ අසමසම පස් අවුරුදු වගකීමක් ලබාදීම සිදු වේ.

"ඇදහිය නොහැකි මුදලකට විශේෂාංග රාශියක් ලබා දෙන නිසා MG ZS SUV දැන් ඉතා ජනප්‍රියයි. සෑහීමට පත් වුණ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර අතිවිශිෂ්ටයි! අපි නිරතුරුව ම අපේ සියලු පාරිභෝගිකයන්ට උපරිම සේවයක් ලබා දීමට හැකි ආකාර පිළිබඳ සොයා බලනවා. මේ අරමුණ සපුරා ගන්න මයික්‍රෝ සමාගම හරහා MG වාහන මිල දී ගත් අයට අලෙවියෙන් පසු ක්ෂණික සේවා සැපයීම සඳහා 'Carepoint' සහ 'Arabian Motors' සමඟ අත්වැල් බැඳගත්තා" මයික්‍රෝ කාර් සමාගමේ අධ්‍යක්‍ෂ රුවිඳු ගුණරත්න මහතා එසේ පැවසුවේ ය.


සිවුවැනි සංචාරකත්ව නායක සමුළුව ඔක්තෝබර් 4-5 BMICHහි දී

'ලෝක සංචාරකත්ව දින' නිල උත්සවයට සමගාමීව 2018 ඔක්තෝබර් 4 හා 5 යන දිනවල 'සංචාරකත්ව නායක සමුළුව' හා 'අන්තර්ජාතික සංචාරකත්ව සමීක්ෂණ සම්මන්ත්‍රණය' කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

සංචාරකත්ව, ආර්ථික හා සත්කාරක කළමනාකරණ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාපීඨ සංචාරකත්ව අධ්‍යයන වැඩසටහනේ ශිෂ්‍යයනුන් එක්ව සංවිධානය කරන මේ උත්සවයේ සංචාරකත්ව නායක සමුළුව පැවැත්වෙන්නේ අඛණ්ඩව 4 වැනි වතාවටය. සංචාරකත්ව නායක සමුළුව 2015 පටන් ලෝක සංචාරකත්ව දින උත්සවයේ කොටසක් වන අතර පසුගිය වසරේ එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එහිදී විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබිණි. මෙවර සමුළුවේ තේමාව වන්නේ 'තිරසාර සංචාරකත්ව සංවර්ධනයක් උදෙසා ගෝලීය අගය දාමයන් ගොනුකිරීම්'ය. එහි දී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ වත්මන් සංචාරකත්ව උපක්‍රම ව්‍යවහාරය පිළිබඳ අවබෝධාත්මක හා සංසන්දනාත්මක විශ්ලේෂණයක්ද සිදු කෙරේ. විශේෂයෙන් 2017-2020 සංචාරකත්ව උපක්‍රමික සැළැසුම -නෙළා නොගත් විභවයේ කතාව, දෙස් විදෙස් විද්වතුන්ගේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා නීති සම්පාදකයන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.

ලෝක සංචාරකත්ව සංවිධානයේ ඉහළ නිලධාරීන්, සංචාරක ප්‍රභව රටවල තානාපතිවරුන්, විද්වතුන් සා සමාගම් ක්ෂේත්‍ර නායකයන් දේශන පැවැත්වීමට නියමිත අතර සමීක්ෂණ වාර්තා එළිදැක්වීම් හා වැදගත් මණ්ඩප සාකච්ඡාද වැඩසටහනට ඇතුළත්ය.

මාතෘකා