ඕනෑම තැනකට - ඕනෑම වෙලාවක කාටත් විශ්වාස ගමන් සගයා

 ඡායාරූපය:

ඕනෑම තැනකට - ඕනෑම වෙලාවක කාටත් විශ්වාස ගමන් සගයා

තමන්ට කියා වාහනයක් ඇති නැති කාටත් රස්තියාදුවකින් තොරව ආරක්ෂිතව ගමන් බිමන් යාමට වාහනයක් තමා අසලටම ගෙන්වා ගත හැකි නම් එය කාර්යබහුල ජීවිත ගෙවන කාටත් විශාල පහසුවක් වනු නිසැකය. එය දැන් බොහෝදෙනකු අත නිබඳ රැඳී ඇති Smart දුරකතනය හරහා සිදුකර ගත හැකිවීම ඊටත් වඩා පහසුවකි. පාරිභෝගිකයන්ට එවැනි පහසුකමක් සලසා දිය හැකි 'Mobile App' ලංකාවට ආගන්තුකව තිබූ කාලයක 2015 වසරේදී PickMe නමින් මගී ප්‍රවාහන Mobile App එකක් හඳුන්වා දෙනු ලැබිණි. ඒ අනුව පළමු වරට මෙරට ජනතාවට තම Smart දුරකතනයට Download කරගත් 'Mobile App' එකකින් තම ගමන් පහසුව සලසාගැනීමට අවස්ථාව හිමිවිය.

ඒ PickMe නම් 'Mobile App' එක හරහාය.10 දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමක් විසින් නිවසක ගරාජයක ආරම්භ කරන ලද PickMe මගී ප්‍රවාහන ඇප් එක ආරම්භ වන්නේ එවකට එම ආයතනයේ සභාපතිත්වය දැරූ සුල්ෆර් ජිෆ්රි මහතාගේ සංකල්පයක් මතය. එසේ වුවත් එය ඉතා ඉක්මනින් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය Mobile App එකක් බවට පත්වූයේ මෙරට ප්‍රවාහන අංශයේ නව උප සංස්කෘතියක් බිහිකරමින් කිවහොත් එය නිවැරදිය.

මෙම PickMe ඇප් එක පහසුවෙන් Smart දුරකතනයක් තුළින් Download කරගෙන එහි ලියාපදිංචි වීමෙන් පසු තමාට ප්‍රවාහන පහසුකමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම ඇප් එකට Log වීමෙන් තමා අසලටම වාහනයක් ගෙන්වා ගත හැකිය. එමෙන්ම ත්‍රී රෝද රථ, මෝටර් රථ සහ වෑන් රථ යන වාහන අතරින් තමාගේ කැමැත්ත මත අවශ්‍ය වාහනය ඇනවුම් කිරීමේ අවස්ථාව සලසා දී තිබේ.ඕනෑම ස්මාර්ට් දුරකතනයකින් PickMe ඇප් එක Download කරගත හැකි අතර, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට Google play store එක සහ ඇපල් වර්ගයේ දුරකතන භාවිත කරන්නන්ට app store එක භාවිත කළ හැකිය.

ප්‍රවාහන අවශ්‍යතාවයක් ඇතිවූ විට කළ යුත්තේ, එම app එකට ලොග් වී තමාට අවශ්‍ය වාහනය තෝරාගෙන ගමන ආරම්භ කරන ස්ථානය සහ ගමනාන්තය එයට ඇතුළු කිරීමයි. ඉන්පසු ගමනට වැයවන තක්සේරු මුදල පිළිබඳ දැනුවත් කිරීමක් පාරිභෝගිකයාට ලැබෙන අතර පාරිභෝගිකයා ඊට එකඟ නම් කළ යුත්තේ ඇනවුම ස්ථිර කිරීමයි. ඒ සැණින් වාහන අංකය,රියදුරුගේ නම, දුරකතන අංකය ඇතුළු තොරතුරු SMS පණිවිඩයක් මඟින් පාරිභෝගිකයාගේ දුරකතන අංකයට ලැබෙන අතර විනාඩි කිහිපයක් ඇතුළත වාහනය පාරිභෝගිකයා අසලට පැමිණේ.

ගමනාන්තයේදී ගෙවීම් විස්තරය රියදුරුගේ ගෙවීම් තීරුවේ සඳහන් වනවා මෙන්ම එය SMS පණිවිඩයක් මඟින් පාරිභෝගිකයාගේ දුරකනයටද ලැබේ. පෞද්ගලිකව ඕනෑම අයකුට මෙම සේවය ලබාගත හැකි අතර, ආයතනවලට සිය කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ලබාගැනීමේ පහසුවද සලසා තිබේ. ඊට අමතරව අවශ්‍ය ගමනක් යාමට කල්තියා වාහනයක් වෙන්කර ගැනීමටද PickMe ඇප් එක තුළින් අවස්ථාව සලසා ඇති බැවින් විශ්වාසනීය සුරක්ෂිත ප්‍රවාහන සේවයක් සලසා ගත හැකිය.

එමෙන්ම සිය දීර්ඝකාලීන සහ අඛණ්ඩ පාරිභෝගිකයන්ට විශේෂ මිල ගණන් යටතේ සහ වට්ටම් යටතේ ප්‍රවාහන පහසුකම් ලබාදීමටද PickMe කටයුතු කරයි. කුඩා කණ්ඩායමක දායකත්වයෙන් ආරම්භ කළ PickMe කාර්ය මණ්ඩලය සුළු කාලයක් තුළ මේ වන විට 175-200 සංඛ්‍යාවක් දක්වා පුළුල් වී තිබෙන අතර, මිලියන දෙකක පමණ සංඛ්‍යාවක් ඒ තුළින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරාගෙන තිබේ.

කොළඹ PickMe ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති අතර කළුතර, මාතලේ,මීගමුව,ගාල්ල, මහනුවර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පිහිටි ශාඛා කාර්යාලවලින් එහි අධීක්ෂණ කටයුතු සිදුවේ. හඳුන්වා දුන් මුල් කාලයේ පැමිණි ගැටලුකාරී තත්ත්වයන් අතර රියදුරන් මෙම නව app එක ප්‍රචලිත කිරීම අභියෝගයක් වී ඇති අතර, සමාගම විසින් ඊට විසඳුමක් ලෙස රියදුරන්ට ඒ පිළිබඳ මනා පුහුණුවක් ලබාදී ඔවුන් ක්ෂේත්‍රයට යොමුකර පාරිභෝගික පැමිණිලි සහ යෝජනා පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකර තිබේ. ඒ අනුව PickMe සේවයේ ගුණාත්මක භාවය සහ කාර්යක්ෂ භාවය ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කර තිබේ. විශේෂයෙන් පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සහ ආචාරශීලී සේවයක් ලබාදීම වෙනුවෙන් PickMe හා සම්බන්ධ වන සියලුම රියදුරන්ට ආයතනය විසින් පුහුණුවක් ලබාදීමෙන් පසුව ඔවුන් ඒ සඳහා සම්බන්ධ කරගැනීම විශේෂත්වයකි. පූර්ණකාලීනව මෙන්ම රැකියාවක් කරන අතරේ විවේක අවස්ථාවල PickMe සමඟ සම්බන්ධ වී අමතර ආදායමක් ලබාගත හැකිය.

'Mobile App'තුළින් මෙවැනි ප්‍රවාහන සේවයක් හඳුන්වා දුන් පළමු app එක PickMe වන අතර, මේ වන විට වෙනත් එවැනි ඇප් සමඟ පවතින තරගකාරීත්වයට හොඳින් මුහුණ දීමටද PickMe සමත් වී තිබේ.

නවීන තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකීක පාරි‍භෝගිකයාට විශ්වාසනීය, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සපයන අතරම රියදුරු ව්‍යවසායකයින්ට තම වෘත්තීය මට්ටම ඉහළ නංවා ගනිමින් ආදායම වැඩිකර ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳ ආයතනය සතුටු වන බවද කළමනාකාරිත්වය සඳහන් කළහ.

PickMe මේ වන විට මගී ප්‍රවාහන සේවයට අමතරව තවත් ඉදිරි පියවරක් තිබේ. එනම්, මෙම PickMe ඇප් එක තුළ ඇති 'Food' ක්ලික් කිරීමෙන් තමන්ට අවශ්‍ය ආහාරපාන අවශ්‍ය ස්ථානයට ගෙන්වා ගැනීමේ පහසුකමයි. දැනට මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ නුගේගොඩ ප්‍රදේශයේ පමණක් වන අතර, මේවන විට ජනප්‍රිය අවන්හල් 35ක් පමණ PickMe සමඟ සම්බන්ධ වී සිටී. මෙම අමතර සේවාව තුළ පවතින ඉල්ලුම හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් දිවයින පුරා එය ප්‍රචලිත කිරීමට PickMe කළමණාකාරීත්වය අපේක්ෂා කරයි.

PickMe යනු තාක්ෂණය පාදක කරගත් සමාගමක් වන අතර, ප්‍රවාහන අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීමේ ක්‍රමවේදය මෙරටට හඳුන්වා දුන් පුරෝගාමී ආයතනයකි. PickMe ඇප් එක මඟින් මේ වන විට දිවයින පුරා ලක්ෂයකට අධික මගීන් සංඛ්‍යාවකට ප්‍රවාහන පහසුකම් සලසා දී ඇති අතර, දහස් ගණනක් රියදුරන් ඒ සමඟ එක්ව සිටී. මීට අමතරව PickMe ව්‍යාපාරික ආයතන සහ ව්‍යාපාර සඳහා ව්‍යාපාරික විසඳුම් සැපයීමද සිදුකරන අතර, එහි ව්‍යාපාරික වෙබ් අඩවිය හරහා මේ වනවිට 950ක් පමණ තාක්ෂණික විසඳුම් ලබා දී ඇත.

විප්ලවීය වෙනසක් සිදු කරන PickMe

මාතෘකා