නේෂන්ස් මොබයිල් බෑංකින් ඔබේ බැංකුව - ඔබ ළඟම

 ඡායාරූපය:

නේෂන්ස් මොබයිල් බෑංකින් ඔබේ බැංකුව - ඔබ ළඟම

නේෂන්ස් මොබයිල් බෑන්කින් සේවාව 2017 වසරේදී නැවත හඳුන්වා දීමෙන් පසු ගනුදෙනුකරුවන් අතර වඩාත් ප්‍රචලිත වී ඇත. සියලු නව්‍ය අංගයන්ගෙන් සමන්විත, භාවිතයට ඉතා පහසු Digital බැංකුකරණ අවස්ථාවක් ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති නේෂන්ස් මොබයිල් බෑංකින් ඇප් සේවාව භාෂා 3න්ම භාවිත කළ හැකිය. නවතම මුහුණුවරකින් සමන්විත මෙම මොබයිල් බෑංකින් ඇප් සේවාව තුළින් ඉක්මන් හා පහසු බැංකුකරණ සේවා අත්දැකීමක් ඔබට ලබාගත හැකිය. ඔබට අවශ්‍ය බොහෝ පහසුකම් එක්කර ඇති මෙම සේවාව ඔබේ කාර්යබහුල දිනයට පහසුවක් එක්කරනු ඇත.

සාමාන්‍ය මුරපද (Password) භාවිතයට අමතරව මුහුණ, කටහඬ සහ ඇඟිලි සලකුණු වැනි තාක්ෂණික ක්‍රම යොදාගනිමින් මෙම සේවාව සඳහා පිවිසීමේ හැකියාව ලබාදී ඇති නිසා ඔබගේ මූල්‍ය ගනුදෙනු ඉතා ආරක්ෂාකාරී වනු ඇත.

සැමවිටම තාක්ෂණයෙන් ඉහළ සේවාවන් සැපයීමට නිරතුරු කටයුතු කරන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව Lanka clear ආයතනය මඟින් සංවිධානය කළ Technnovation Award 2018 සම්මාන උළෙලේදී ඉහළම සම්මාන දෙකකින් පිදුම් ලැබීය.

විශිෂ්ටතම පාරිභෝගික සේවා පහසුව සැලසූ බැංකුව හා විශිෂ්ටතම මූල්‍ය පහසුකම් සැපයීම යන කාණ්ඩ දෙකේම ප්‍රථම ස්ථානය නේෂ්න්ස් ට්‍රස්ට් බැංකුව හිමිකර ගැනීමට සමත් විය.

මෙම වැඩසටහන පිළිබඳ විස්තර කරමින් නේෂ්න්ස් ට්‍රස්ට් බැංකුවේ සහකාර උප සභාපති(ඩිජිටල් බැංකුකරණ) ඇන්ඩෘ ආරියරත්නම් මහතා කියා සිටියේ, "අනාගත බැංකුකරණය යනු ඩිජිටල් බැංකුකරණයයි. එනිසා අපි ඩිජිටල් බැංකුකරණයට කැපවී සිටිනවා. ඩිජිටල් බැංකු ගනුදෙනු ඉක්මන් හා පහසු විය යුතු අතර, ලෝකයේ ඕනෑම තැනක සිට ගනුදෙනු කිරීමටද හැකිවිය යුතුයි. දැනට ලංකාවේ ඇති ගතානුගතික බැංකුකරණ ක්‍රමය තුළ සියලු දේ කළ හැකි නේෂන්ස් මොබයිල් බෑංකින් සේවාව වැනි විසඳුමක් නොමැති තරම්. මෙම සේවාව ඩිජිටල්කරණය හා පාරිභෝගික පහසුව පිළිබඳ හොඳ අවබෝධයකින් නිර්මාණ්‍ය කර ඇත. එමඟින් ඔබගේ බැංකුව ඔබ ළඟටම, ඔබ අතටම ගෙන ඒමට අපට හැකියාව ලැබී ඇත"යන්නයි.

නේෂන්ස් මොබයිල් බෑංකින් සේවාව මඟින් ඉතා ඉක්මනින්, ඉතා පහසුවෙන්, ඔබට ගිණුමේ ශේෂය බලාගැනීම, ඕනෑම දේශීය බැංකුවක ඇති ඕනෑම ගිණුමකට එසැණින් මුදල් මාරුකිරීම (තෙවැනි පාර්ශ්ව ගිණුම් ඇතුළුව), ගිණුම මඟින් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් බිල්පත් ගෙවීම, ණය හෝ ලීසින් පහසුකමකට ඉල්ලුම් කිරීම හෝ ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය බලාගැනීම ආදී බොහෝ දේ මෙම සේවාව මඟින් කළ හැකිය.

ජල, විදුලි, දුරකතන වැනි ඔබේ උපයෝගිතා බිල්පත් සහ නේෂ්න්ස් ට්‍රස්ට් බැංකුවේ සහ වෙනත් බැකුවල ක්‍රෙඩිට් කාඩ් බිල්පත් එසැණින් ඉතා පහසුවෙන්ම පියවිය හැකි අතර, සැණෙකින් ඔබේ ජංගම දුරකතන බිල්පත් පියවීම සහ ඔබේ ජංගම දුරකතනවලට රී-ලෝඩ් දැමීම ඔබට පිරිනැමෙන තවත් පහසුකමකි. මෙම සේවාව ඇන්ඩ්‍රොයිඩ් සහ iOS යන සේවාවන් දෙකෙන්ම ලබාගැනීමේ හැකියාව ඇති අතර, i phone භාවිත කරන්නන් හට Apple App Store තුළින්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් භාවිත කරන්නන් හට Google Play Store තුළින් මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගත හැකිය.

ඉතා පහසුවෙන් ඔබේ ගනුදෙනු පිළිබඳ පසු විපරම් වාර්තා තබාගත හැකිවීමත්, American Express ක්‍රෙඩිට් කාඩ් හා Master Card පත් පිළිබඳ පූර්ව වාර්තා තබාගත හැකිවීම ඔබේ ගනුදෙනු ක්‍රමවත්ව කරගැනීමට මැනවින් ඉවහල් වනු ඇත. එසැණින් ඔබට අවශ්‍ය සේවාවන් ඉල්ලුම් කළ හැකි අතර, ආරක්ෂිත පණිවිඩ සේවාව හරහා ආරක්ෂිත උපදෙස් යැවීමේ හැකියාවත් මෙමඟින් හිමිවනු ඇත.

නේෂන්ස් මොබයිල් බෑංකින් සේවාව පිළිබඳ හෝ අපගේ සියලු සේවාවන් පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට www.nationstrust.com/mobile-banking යන වෙඩ් අඩවියට පිවිසෙන්න. එසේ නොමැති නම්, 011 4 711 411 යන පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා දුරකතන අංකය හරහා අප හා සම්බන්ධ වන්න.

'Business Today' සඟරාව විසින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන මූල්‍ය සේවාවන් සහ විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. මේ වන විට දිවයින පුරා ශාඛා 93ක් විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 138ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව Lanka Pay ජාලය හරහා තවත් ATM යන්ත්‍ර 3500කට අධික සංඛ්‍යාවකින් සේවා ලබාගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී තිබේ.

මාතෘකා