"Pick My Load" ඇප් එකෙන්  භාණ්ඩ ප්‍රවාහනය දැන් හරි ලේසියි

 ඡායාරූපය:

"Pick My Load" ඇප් එකෙන්  භාණ්ඩ ප්‍රවාහනය දැන් හරි ලේසියි

'Mobile App' එහෙමත් නැත්නම් ජංගම යෙදවුම් කියන්නේ නවීන ලෝකයේ තාක්ෂණ මෙවලම් සමඟ ගනුදෙනු කරන බොහෝ දෙනෙකුට ආගන්තුක දෙයක් නොවෙයි. විවිධාකාර Mobile App අතරේ ගමන් බිමන් යන්න ගෙදරටම වාහනයක් ගෙන්වා ගන්න පුළුවන් Mobile App කිහිපයක්ම මේ වෙද්දි ක්‍රියාත්මක වනවා. නමුත් ගෘහ භාණ්ඩයක්, ගෘහ උපකරණයක් හෝ ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් මිලදී ගැනීමෙන් පසු වෙළෙඳසැලේ සිට නිවසට ප්‍රවාහන කරගත හැකි Mobile App එකක් කියන්නේ අපේ රටට ආගන්තුක දෙයක්.

එහෙත් ඩීමෝ සමාගම නිසා තවදුරටත් එය අපේ රටට ආගන්තුක දෙයක් නෙවෙයි. වසර 79ක කාලයක් පුරාවට මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම පසුගිය මැයි මාසයේ 15 වැනිදා එම සුවිශේෂ කාර්යයට මුල පිරුවා. ඒ අනුව ඩීමෝ සමාගම කාටත් හුරුපුරුදු Smart Phone ඔස්සේ මෙන්ම අන්තර්ජාලය තුළින්ද සම්බන්ධ විය හැකි "Pick My Load" නම් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ සේවා App එක හඳුන්වා දෙමින් මෙරට Mobile App ක්‍රමවේදයට අලුත් මුහුණුවරක් ලබාදී තිබෙනවා. හඳුන්වා දී ඉතා සුළු කාලයක් තුළ Pick My Load භාණ්ඩ ප්‍රවාහන App එක මෙරට පාරිභෝගිකයන් සහ රියදුරන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඊට මූලික හේතුව දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් ලෙස ඩීමෝ සමාගම සතු කීර්තිමත් සහ විශ්වාසනීය නාමයයි. ශාඛා 40කට අධික ප්‍රමාණයක් පුරා පැතිර තිබෙන ඩීමෝ ශාඛා ජාලය තුළින් මෙම ප්‍රවාහන කටයුත්ත මනා ලෙස සම්බන්ධීකරණය වනු ලබනවා.

මෙම Pick My Load ඇප් එක හඳුන්වා දීම සිදුවන්නේ Mercedes -Benz , TATA වැනි ලොව ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය වාහන මෙරටට හඳුන්වා දුන්, අලුත් නිපැයුම් ගැන නිබඳ අවධානය යොමුකරන ඩීමෝ සමාගමේ සභාපතීත්වය දරන රංජිත් පණ්ඩිතගේ මහතාගේ සිහිනයක් සැබෑ වීමක් ලෙසටයි. වත්මන් සමාජයේ බොහෝ දේ ඩිජිටල් කරණය වී ඇති කාලයක වාහන ක්ෂේත්‍රයද ඩිජිටල් කරණය කිරීමේ සංකල්පය මත ඩීමෝ සමාගමේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය සඳහාම වෙන්වූ මෙම "Pick My Load" ඇප් එක මෙරට Mobile App අතරට එක්වූවා.

ඒ අනුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වාහන සොයමින් කාලයත් ශ්‍රමයත් වැය කරමින් රස්තියාදු වීමට තිත තබන්නට කාලය එළැඹ තිබෙනවා. ඒ සඳහා කළ යුත්තේ ඔබේ ස්මාර්ට් දුරකතනයෙන් Pick My Load ඇප් එක Download කරගැනීමයි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට Google play store හරහාත් ඇපල් වර්ගයේ දුරකතන භාවිත කරන්නන්ට app store හරහාද මෙම App එක Download කරගැනීමෙන් ලියාපදිංචි විය හැකිය. ඉන්පසු තමාට භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතාවයක් ඇතිවූ විට කළ යුත්තේ එය සක්‍රීය කරගැනීමයි (Log වීමයි). ගමන පටන් ගන්නා ස්ථානය සහ අවසන් කරන ස්ථානය ඇතුළත් කළ පසු ප්‍රවාහන අවශ්‍යතාවයට ගැලපෙන වාහනය තෝරාගත හැකිය.

ඒ සඳහා ප්‍රවාහනය කළ යුතු භාණ්ඩ අනුව යතුරුපැදි, ත්‍රීරෝද රථ, කාර්, කුඩා ට්‍රක්, ලොරි, ටිපර් රථවල සිට කන්ටේනර් ප්‍රවාහනය කළ හැකි Prime Mover රථ දක්වා වාහන වර්ග රාශියක් තිබීම පාරිභෝගිකයාට ඉතා පහසුවකි.

වාහනය තෝරාගත් පසු දුරකතන තිරය ඔස්සේ ලැබෙන මඟපෙන්වීම ඔස්සේ BOOK NOW ක්ලික් කර ප්‍රවාහනය කළ යුතු භාණ්ඩ වර්ගය සහ මුදල් ගෙවන ක්‍රමය සඳහන් කර ඇනවුම ස්ථිර කිරීමෙන් පසු විනාඩි කිහිපයක් තුළ අදාළ වාහනය ගෙන්වා ගත හැකිය. ගමනාරම්භයට පෙරම ගමනට වැය වන තක්සේරු මුදල පිළිබඳ දැනුවත් කිරීමක් පාරිභෝගිකයාට ලැබෙන අතර ගමනාන්තයේදී සියලුම ගෙවීම් විස්තරය රියදුරුගේ ගෙවීම් තීරුවේ සඳහන් වීමද පහසුවකි. එමෙන්ම ප්‍රවාහනය කිරීමට අවශ්‍ය භාණ්ඩ පැටවීමට සහ බෑමට සහායකයකු අවශ්‍ය නම් එයද මෙම සේවාව ඔස්සේ ලබාගත හැකි අතර ස්මාර්ට් දුරකතනයක් නැති අයට වුවද අන්තර්ජාලය ඔස්සේ Pick My Load වෙබ් අඩවියට පිවිසීමෙන් තම ප්‍රවාහන අවශ්‍යතාව සපුරාගත හැකිය. එමෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙම Pick My Load ඇප් එක ක්‍රියාත්මක වීම නිසා ඕනෑම අයෙකුට පහසුවෙන් මෙම සේවය ලබාගත හැකිවීමද විශේෂත්වයකි.

Pick My Load ඇප් එක භාවිත කරන පාරිභෝගිකයන්ට ඉහළම ගුණාත්මක සේවයක් සැලසීම ඩීමෝ සමාගමේ නිබඳ අපේක්ෂාවයි. ඒ නිසාම App එක හඳුන්වා දීමෙන් අනතුරුව මාස කිහිපයක් තුළ එහි ගුණාත්මක තත්ත්වය ඉතා උසස් මට්ටමින් වැඩි දියුණු කර තිබෙනවා. මේ වන විට රියදුරන් 2000කට වැඩි සංඛ්‍යාවක් Pick My Load සමඟ සම්බන්ධ වී සිටින අතර ගමන් වාර 350කට අධික සංඛ්‍යාවක් ඒ ඔස්සේ සිදුකර තිබෙනවා. මෙම සේවාවට සම්බන්ධ කරගන්නා රියදුරන්ට ඩීමෝ සමාගම විසින් විධිමත් පුහුණුවක් ලබාදෙන අතර එම නිසාම ඕනෑම අයෙකුට විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ සේවය ලබාගත හැකිය.

ඒ වගේම දවසේ පැය විසි හතර පුරාම ඕනෑම වේලාවක Pick My Load ඇප් එක ඔස්සේ වාහනයක් ගෙන්වා ගත හැකි අතර මේ මොහොතේම කරන වෙන්කිරීම්වලට මෙන්ම වෙනත් දිනයක් සඳහාද වාහනයක් වෙන්කරගත හැකිවීම පාරිභෝගිකයාට සැලසෙන අමතර පහසුවක්. එය BOOK LATER ක්ලික් කිරීමෙන් සිදුකර ගත හැකියි. පළමු වරට මෙම සේවාවට ලියාපදිංචි කරගන්නා පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී නැවත නැවත තොරතුරු සටහන් කිරීමක් අවශ්‍ය නොවන අතර ඕනෑම වර්ගයේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සඳහා වලංගු වීමද විශේෂත්වකි. Tokenization තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබීම නිසා මෙම Pick My Load ඇප් එක හැම අතින්ම පාරිභෝගිකයාට විශ්වාසනීය සේවයක් ලබාගැනීමට උපකාරී වනවා. ඒ වගේම ඩීමෝ සමාගම හා අඛණ්ඩව සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් සහිතව මෙම සේවාව ලබාදීමටද ඩීමෝ සමාගම කටයුතු කර තිබෙනවා. මේ වන විට Pick My Load සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පමණක් වුවත් ළඟදීම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඩීමෝ සමාගම පවසනවා. එමෙන්ම ඉදිරියේදී මෙම App එක හා සම්බන්ධ අලුත් සැලසුම් කිහිපයක් හඳුන්වා දීමටත් ඒ අතර අඛණ්ඩව මෙම App එක භාවිත කරන පාරිභෝගිකයන්ගේ භාණ්ඩ වෙනුවෙන් රක්ෂණ ආවරණ ක්‍රමයක් හඳුන්වා දීමද මූලික අදහසකි.

Pick My Load වෙනත් ප්‍රවාහන Mobile App එකකින් වෙනස් වන්නේ එහි ඇති ඉහළ ගුණාත්මක බව සහ කාර්යක්ෂම භාවය නිසාය. මෙම App එක සමඟ සම්බන්ධ වී සිටින රියදුරන්ට තමන්ට ගමන් වාරයක් ලැබෙන තුරු මහමඟ කල්මරමින් බලා සිටින්නට අවශ්‍ය නොවේ. ඔවුන්ට ස්මාර්ට් දුරකතනය ඔස්සේ සියලුම ගමන් වාර පිළිබඳ පණිවිඩ ලැබෙන අතර නිවසේ සිට ඊට සම්බන්ධ විය හැකිය. වෙනත් රැකියාවක නිරත අයෙකුට පවා තමාගේ විවේක කාලයේදී අමතර ආදායමක් ලෙස මෙම ප්‍රවාහන සේවයට සම්බන්ධ විය හැකිය. එය රියදුරන්ට සුබ ආරංචියක් වනු ඇත. එමෙන්ම මෙම සේවාව තුළින් ගමන් වාරයක් ලබාගන්නා පාරිභෝගිකයන් වාහනය ඇනවුම් කළ අවස්ථාවේ සිට රියදුරා භාණ්ඩ පටවා ගන්නා ස්ථානයට පැමිණෙන ආකාරය සම්පූර්ණයෙන්ම Google Map ඔස්සේ දුරකතනය තුළින් දැකබලා ගත හැකිවීම නිසා ඔවුන්ටද මහමඟ රස්තියාදු වීමට සිදුනොවේ. ගමනාන්තයේදී තමා ලද සේවාව පිලිබදව තෘප්තිමත් භාවය පලකිරීමටද පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී තිබීමෙන් ඩීමෝ සමාගම තමා සතු පාරිභෝගික විශ්වාසය තවදුරටත් පුළුල් කරගැනීමට අපේක්ෂා කර තිබේ.

 

මාතෘකා