ලංකාවේ වේගයෙන්ම ප්‍රචලිත වන 'ස්කූටරය' | ඇස පාදන රැස


ලංකාවේ වේගයෙන්ම ප්‍රචලිත වන 'ස්කූටරය'

 ඡායාරූපය:

ලංකාවේ වේගයෙන්ම ප්‍රචලිත වන 'ස්කූටරය'

මීට අවුරුදු පහකට පෙර පුරුෂයන්ට පමණක් උරුම වාහනයක් ලෙස එය ලංකාවේ සංස්කෘතිය තුළ සැලකනු ලැබිණි. නමුත් ශ්‍රී ලංකාව තුළ ස්කූටර් අලෙවිය ක්‍රමයෙන් වැඩිවිය. ඊට හේතුව වූයේ ලංකාවේ සමාජය තුළ ස්කූටරය ගෘහණියන්ගේ සහ රැකියා නියුක්ත කාන්තාවන්ගේ වාහනය බවට පත්වීමයි. දරුවන් පාසල් ගෙන යාම සඳහා, වෙළෙඳසැලට යාම සඳහා, රැකියාවට යාම සඳහා වර්තමාන කාන්තාවන් ස්කූටර් භාවිත කරන ආකාරය දැකගත හැකිය. ලංකාවේ ස්කූටර් වෙළෙඳසැලේ වැඩි ස්කූටර් ප්‍රමාණයක් ඉන්දියානු නිෂ්පාදනයන්ය. විශේෂයෙන්ම රථවාහන බැට්රි තාක්ෂණයේ දියුණුව සමඟ විදුලි ස්කූටර් රථද ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ක්‍රමයෙන් පැමිණෙමින් තිබෙනවා. 2018 වසරේදී ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ ආක්‍රමණය කරතැයි බලාපොරොත්තු තබාගත හැකි ස්කූටර් කිහිපයක් පිළිබඳ සොයා බලමු.


 හොන්ඩා පී.සී.එක්ස්

(Honda PCX)

විදුලි හා හයිබ්‍රිඩ් මාදිලි ස්කූටර් ඉතාම ඉක්මණින් හඳුන්වා දීමට නියමිතය. 2017 ඔටෝ එක්ස්පෝ ප්‍රදර්ශනයේදී මුල්වරරට මෙය ප්‍රදර්ශනය කෙරිණි. ඉන්දියාව තුළදී ඉන්දියානු රුපියල් 85,000ක මුදලකට මෙය නිකුත්වන බව සඳහන්ය. පී.සී.එක්ස්. මාදිලිය ප්‍රධාන වශයෙන් විදුලි හා හයිබ්‍රිඩ් මාදිලිවලින් නිකුත් වනු ඇත. 2017 ටෝකියෝ මෝටර් ප්‍රදර්ශනයේදී වැඩි අවධානයක් ලබා ගැනීමට මෙම මෝටර් රථය සමත්විය.

 


හීරෝ ලීප්

(Hero Leap)

මෙය මුලින්ම හඳුන්වා දුන්නේ 2012 වර්ෂයේදීය. ලිතියම් අයන් බැටරියකින් සමන්විතය. කිලෝ වොට් අටක බැටරියකින් සහ 124 cc ධාරිතාවයකින් යුතු එන්ජිමක් සහිතය. සම්පූර්ණ ධාරිතාව ලීටර් තුනකින් යුත් ඉන්ධන ටැංකියකින් යුක්තය. පැයට කිලෝමීටර් 103ක උපරිම ධාරිතාවයකින් ධාවනය කළ හැකිය. සම්පූර්ණ එල්.ඊ.ඩී. ඉදිරිපස ලාම්පුවකින් සහ මිලිමීටර් 240ක ඩිස්ක් බ්‍රේක් පද්ධතියකින් සමන්විතය.


මහේන්ද්‍රා ගෙන්සේ

(Mahindra) Genze)

විදුලි ස්කූටරයක් වන මෙය 2019 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිතය. ගෙන්සේ යනු ඇමරිකාව මූලික කරගත් යතුරුපැදි නිෂ්පාදන සමාගමක් වන අතර එහි හිමිකාරිත්වය දරන්නේ මහින්ද්‍රා සමාගම වේ. මෙතෙක් කලක් ඇමරිකානු වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන ඉදිරිපත් කළ ඔවුන් ඉදිරියේදී ආසියානු වෙළෙඳපොළටද ප්‍රවිෂ්ඨ වනු ඇත. ඇමරිකානු වෙළෙඳපොළ තුළ ස්පෝර්ට් මොඩ්ල් මාදිලියකින් සහ සාමාන්‍ය මාදිලියකින් පැමිණීමට නියමිතය. එමෙන්ම අඟල් 16, 18 හා 20 යන රෝද ප්‍රමාණයන්ගෙන්ද පැමිණීමට නියමිතය.


හීරෝ ඩුවට් ඊ

(Hero Duet - E)

2016 දී ඔටෝ එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ආකෘතියක් ලෙස ඉදිරිපත් විය. අශ්වබල 6.7ක විදුලි මෝටරයක් සම්පූර්ණ චාර්ජ් කිරීමෙන් පසුව කිලෝ මීටර් 65ක දුරක් පැද යා හැක.


ටී. වී. එස්. ඉලෙක්ට්‍රික් ස්කූටර්

(TVS Electric Scooter)

ඉන්ධන මඟින් ධාවනය වන ස්කූටර් මාදිලිය මේ වනවිටත් ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින අතර එහි විදුලි ස්කූටරය මේ වසර අග වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙතැයි බලාපොරොත්තු විය හැක. ටී. වී. එස්. නිෂ්පාදනයන්ටම ආවේණික බැටරි පද්ධතියකින් සමන්විත මෙම ස්කූටරය අන්තර්ජාතික යතුරුපැදි කොටස් නිෂ්පාදනවල එකතුවකි.

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා