කොමර්ෂල් බැංකුව 'හොඳම අන්තර්ජාල බැංකුව' වෙයි

 ඡායාරූපය:

කොමර්ෂල් බැංකුව 'හොඳම අන්තර්ජාල බැංකුව' වෙයි

ශ්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිට පිටම තෙවන වරටත් ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේ බැංකුකරණ සහ මූල්‍ය විමර්ශන සඟරාවක් වන ග්ලෝබල් බෑන්කිං ඇන්ඩ් ෆයිනෑන්ස් රිවීව් විසින් තෝරාගෙන තිබේ.

මෙම සම්මානය ලබාදෙන්නේ අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍යය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට උසස් ගුණාත්මක තත්ත්වයකින් යුතු සේවාවන් සහ නවෝත්පාදනයන් ලබාදෙන ගෝලීය මූල්‍ය සමාගම් ඇගයීම සඳහායි.

‘නව්‍ය සහ පෙරළියක් ඇති කරන අන්තර්ජාල, ජංගම දුරකතන සහ ඩිජිටල් බැංකු සේවා සංවර්ධනය කර හඳුන්වාදීමේදී කොමර්ෂල් බැංකුව ඉදිරියෙන්ම සිටිනවා’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය.

මාතෘකා