ලෙඩ දෙන වාහනවලට විසඳුම් මොනවාද?

 ඡායාරූපය:

ලෙඩ දෙන වාහනවලට විසඳුම් මොනවාද?

Toyota Vitz (2017 නිෂ්පාදිත 1000 CC) කාරය අයිඩ්ල් අවස්ථාවේදී සුළු දෙදරීමක් තියෙනවා. A/C දාලා තියෙද්දි සෙමෙන් ඇක්ස්ලේටර් එක නිදහස් කළහම නැවත දෙදරනවා. මෙයට හේතුව කුමක්ද?

කපිල ජයලත් - මාදම්පේ

නිවැරදිව එන්ජින් ටියුන්අප් (Engine tune-up) එකක් කරන්න. අවසානයේ ඉලෙක්ට්‍රොනික් වැල්ව් එකක් (Electronic throttle valve) පවතීනම් ස්කෑනින් ටෙස්ට් (Scanning Test) එකක් හරහා එය ලර්න් (Learn) කරන්න. මැප් සෙන්සර් (Map sensor), ටීපීඑස් සෙන්සර් (TPS Sensor), ඉන්ජෙක්සන් පල්ස් (Injection pulse) ආදී දත්ත හා ඉග්නේෂන් ටයිමින් (Ignition timing) නිවැරදි දැයි අයිඩ්ල් (Idle) අවස්ථාවේ පරික්ෂණයක් කරන්න. ස්පාක් ප්ලග්වල (Sparke plug) ස්වභාවය පරික්ෂාකර ගෙවී ඇත්නම් අලුතින් යොදන්න. ෆුවෙල් ෆිල්ටර් (Fuel Filter) හා ෆුවෙල් පම්ප් ප්‍රෙෂර් (Fuel pump pressure) පරික්ෂාවට ලක් කරන්න.

මගේ කාරය TATA INDICA (2003) වර්ගයේ මෝටර් රථයකි. සාමාන්‍යයෙන් කන්දක් වැනි උස් බිමක ගොස් වාහනය නවත්වා පිකප් කර (Pick UP) ඉදිරියට ගැනීමේදී එන්ජිමෙන් දැඩි ශබ්දයක් ඇසේ. එය ක්ලච් ප්ලේට් ගැටලුවක්ද යන්න දැන ගැනීමට අවශ්‍යයි. මම මෝටර් කාර්මිකයන් කිහිපදෙනෙකුගෙන් ඒ පිළිබඳව විමසූ අතර ඔවුන් කියා සිටියේ රේසර් එකේ ගැටලුවක් බවයි. මෙය කුමක්ද? මම කළ යුතු දේ පහදා දෙන්න.

ෂාම් - නාවලපිටිය

ශබ්ද පිළිබඳව පරික්ෂාවකින් තොරව පිළිතුරු දීම අපහසු වේ. ඔබගේ මෝටර් රථයේ ගියර් බොක්ස් (Gear Box) එකේ හා ක්ලච් ප්ලේට්වල (Clutch plate) එන්ජින් මවුන්ට් (Engine mount) වැනි කොටස්වල දෝෂ තත්ත්වයක් නිසා මෙය සිදුවිය හැකිය. දැනුම හා අත්දැකීම් ඇති කාර්මිකයකු ලවා පරික්ෂා කරවා ගන්න.

මගේ කාරය ඇල්ටෝ K 10 – 2012 වම් පැත්තේ ඩෑෂ් බෝඩ් එක ඇතුළෙන් කම්බියක් ගැලවී ඇතියි සිතෙන අන්දමෙන් සෙලවෙන ශබ්දයක් ඇහෙනවා. මේකට හේතුව කුමක් විය හැකිද? මම කළ යුත්තේ කුමක්ද?

සුපුන් පීරිස් - යක්කල

ශබ්ද පිළිබඳ පිළිතුරු ලබාදිය හැක්කේ එම ශබ්දය ඇසීමෙන් හා පරික්ෂා කිරීමකින් පසුව වේ.

මගේ මෝටර් රථය 2011 Prius (3rd gen/140,000km) වර්ගයේ මෝටර් රථයකි. මෝටර් රථය පිකප් කරලා ඇක්සලේටර් (Accelerator) එක අතෑරලා තත්පරයක් දෙකක් ගියාට පස්සේ තමයි එන්ජින් ආර්.පී.එම් (rpm) එක අඩුවෙන්නේ. ඒ වෙලාවට ඇක්සලේටර් (Accelerator) එක අඩුවෙන්නෙත් නැහැ. එන්ජිම රේස්වෙලා තියෙනවා විතරයි. ඇක්සලේටර් එක හිරවෙනවා වගේ ගැටලුවක් නැහැ. ඇක්සලේටර් ඉන්පුට් බැටරි එකේ ප්‍රශ්නයක් නම් රේස් වෙලා තියෙද්දිත් පිකප් වෙන්න ඕන නේද? හයිබ්‍රිඩ් බැටරි එකේ ගැටලුවක් වෙන්න පුළුවන් ද? මම කළ යුත්තේ කුමක්ද?

ලූක් ද සිල්වා - කඳාන

පළමුව එන්ජින් ටියුන්අප් (Engine tune-up) එකක් සිදුකළ යුතු අතර ඉන්ජෙක්ටර් ෆ්ලෝරේට් (Injecter flow rate), ස්පාර්ක් ප්ලග් (Spark plug) ආදී දෑ හොඳින් හොඳින් පරික්ෂා කර බලන්න. හයිබ්‍රිඩ් බැටරියේ (Hybrid Battery), බැටරි කූලින් ෆෑන් (Battery cooling fan) හා බැටරි බුෂ් බාර් (Battery bush bar) ආදී කොටස් පරික්ෂාවට ලක් කරමින් බැටරි සේවාවක් සිදු කරන්න. හයිබ්‍රිඩ් බැටරිය DC 200 V ඉහළ අධිවෝල්ටීයතාවයක් සහිත බැවින් එම ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් පළපුරුද්දක් සහිත කාර්මිකයන් සිටින, පහසුකම් සහිත සේවා ස්ථානයකින් පමණක් එය සිදු කරන්න. බැටරි ආරෝපණ පද්ධතියේ හෝ හයිබ්‍රිඩ් බැටරියේ පවතින දෝෂ ධාවනයේදී මෙසේ සිදුවීමට හේතුවිය හැකිය.

 

මගේ මෝටර් රථය Isuzu ELF 250 ලොරි රථයේ දිගින් දිගටම එන්ජින් බල්බය දැල්වී පවතී. එය ස්කෑන් (Scan) කර ඉරේස් (Erase) කළ නොහැකියි. කළ යුත්තේ කුමක්ද?

නිලන්ත සිරිසෝම - වැලිගම

ඩීසල් හෙවි ඩියුටි මෝටර් රථය ස්කෑන් කරනු ලබන ස්ථානයෙන් නිවැරදිව ස්කෑන් පරික්ෂාවක් සිදුකර ගන්න. පෙර ස්කෑන් පරික්ෂාවක් සිදුකළද දෝෂය හඳුනාගත නොහැක්කේ ඔබගේ රථයේ පරිගණක පාලක පද්ධතියක් භාවිතා කළ ස්කෑනින් යන්ත්‍රයත් අතර පරිගණක වැඩසටහන් නොගැළපීම නිසා බව හැඟී යයි.

 

වාහනයක සයිලන්සර් එක ගලවා ධාවනය කරද්දී එහි තෙල් වැඩිපුර වැයවේ යැයි බොහෝදෙනෙක් කියන කතාවක්. නමුත් ඉන්ධන දහන කාර්යය සිදුවීමෙන් අනතුරුව අවශේෂ කොටසක් වන දුම පිටවීම ඉහත කතාව සමග (තෙල් පිච්චෙනවා වැඩි) ගැළපෙන්නේ කෙසේද?

මධුක සමරසේකර - දෙනියාය

මෝටර් රථ එන්ජින් එකක පිටාර වායු පද්ධතිය හරහා සිලිංඩරය තුළ පීඩනය හා එක්ස්සෝස් මැනිෆෝල්ඩරය අතර ඇති පීඩන වෙනස හේතුවෙන් ප්‍රතිපීඩනයක් (Back pressure) එක්සෝස් මැනිෆෝල්ඩරයේ සිට සිලින්ඩර් වෙත ක්‍රියාත්මක වේ. එය සිලින්ඩර් පිරවුම පාලනය සඳහා උපකාරි වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතුවේ. සයිලන්සර් එක (Silancer) ගැලවූ විට එම ප්‍රතිවිරෝධතාව නොමැති වීමෙන් සිලින්ඩරයේ ඇමදුම් පරිමාව (Swept volume) වැඩි වන අතර එන්ජිමෙහි ජවය වැඩි වේ. එය ඉන්ධන කාර්යක්ෂමතාව මදක් අඩු කරයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?