SLT 2018 වාර්ෂික වාර්තාවට SAFA ජාත්‍යන්තර සම්මානයක්

 ඡායාරූපය:

SLT 2018 වාර්ෂික වාර්තාවට SAFA ජාත්‍යන්තර සම්මානයක්

මෙරට ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන SLTහි වාර්ෂික වාර්තාව, දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමය (SAFA) මගින් පවත්වන 'විශිෂ්ටතම ඉදිරිපත් කිරීම සහිත වාර්ෂික වාර්තා ඇගයුම්' සහ SAARC සංවත්සර සම්මාන උලෙළේදී ඇගයුමට ලක්විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත්දා බංගලාදේශයේ ධකාහිදී පැවැත්විණි. SLT නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යුග එච්ග රුද්‍රිගු මහතා සහ කළමනාකාර තුෂාර අමරනාත් මහතා විසින් SLT ආයතනය වෙනුවෙන් අදාළ සම්මානය ලබාගන්නා ලදි.

මෙම SAFA විශිෂ්ටම ඉදරිපත් කිරීම සහිත වාර්ෂික වාර්තා සම්මාන යනු එම ක්‍ෂේත‍්‍රයේ දකුණු ආසියාවේ වැඩිම පිළිගැනීමටලත් සම්මාන ප්‍රදානය වේ. ජාත්‍යන්තර මුල්‍යකරණ තත්ත්ව මණ්ලයේ (IASB) නිර්දේශිත රාමුවේ වන ඉහළම තත්ත්වයේ, අනුකූල සහ විෂායානුබද්ධ මෙන්ම විශිෂ්ට ලෙස ඉදිරිපත් කෙරෙන, කලාපය තුළ වන ආයතනයන්හි මුල්‍ය වාර්තා හඳුනා ගැනීම සහ සම්මානයට ලක්කිරීම එමගින් සිදු කෙරෙයි. සිය වාර්ෂික වාර්තා ඉහළම තත්ත්වයෙන් යුතුව පවත්වා ගැනීම සම්බන්ධයෙන් SLT ආයතනය අඛණ්ඩව වසර ගණනකාවක් පුරා SAFAහි ඇගයුමට ලක්වෙමින් සිටියි.

News Order: 
6
මාතෘකා