ව්‍යාපාරිකයන්ට වාසි රැසක් ගෙනෙන harivaasi.lk වෙබ් අඩවිය එළිදැක්වේ

 ඡායාරූපය:

ව්‍යාපාරිකයන්ට වාසි රැසක් ගෙනෙන harivaasi.lk වෙබ් අඩවිය එළිදැක්වේ

ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට විද්‍යුත් වාණිජ ක්‍රියාදාමයේ වාසි සැලසීමේ අරමුණින් කර ගනිමින් harivaasi.lk නව වෙබ් අඩවිය පසුගියදා දියත් විය. මෙමඟින් තමන්ගේම අලෙවිසැලක් වෙබ් අඩවියක් තුළ පවත්වා ගෙන යෑමට ලොකු කුඩා ව්‍යාපාරික සැමට අවස්ථාව උදා වෙයි. සිංහල මාර්ගෝපදේශන සහිතව ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවියෙන් ආයෝජකයන්ට හා ව්‍යවසායකයන්ට තමන්ගේම අන්තර්ජාල අලෙවිසැලක් හරහා නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟා කර දීමට අවස්ථාව උදා වේ. අත්කම්, ආභරණ, ආහාර පාන, ගෘහ භාණ්ඩ, විද්‍යුත් උපකරණ වැනි නිෂ්පාදන රැසක් අලෙවි කිරීමට මේ වෙබ් අඩවිය හරහා පහසුකම් සලසා ඇත. එක් අයිතමයක් නොමිලේ විකිණීමට ඔබට “ගෙදර ඉඳන්” පැකේජය සඳහා ලියාපදිංචි විය හැකිය. මෙමඟින් ගෘහස්ථ ව්‍යාපාරයකට හෝ ඔබට අයත් ඉඩමට, නිවසට හෝ මෝටර් රථයට ගැනුම්කරුවකු සොයා ගත හැකිය. වෙබ් අඩවියේ ඇති චූටි, පොඩි, ලොකු, තොග කඩ සහ සුපර් මාකට් යන වර්ගීකරණවල ලියාපදිංචි වී කොමිස් ගෙවීමකින් තොරව දැරිය හැකි මාසික කුලියකට භාණ්ඩ හා සේවා අලෙවි කළ හැකිය.

හරිවාසි නියෝජිතයන් දිවයින පුරා ව්‍යවසායකත්ව ජාලකරණය හා වෙබ් අඩවිය පිළිබඳව සම්මන්ත්‍රණ පවත්වන අතර ඒ සඳහා වෙබ් අඩවියෙන් දින වෙන් කරවා ගත හැකිය. 100%ක් ශ්‍රී ලංකික harivaasi.lk වෙබ් අඩවියේ නිර්මාතෘ පුබුදු දසනායක මහතා (0777356300) 2008දී ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ව්‍යාපාරය සඳහා www.hotelsupplier.lk වෙබ් අඩවිය හඳුන්වා දී ඇත. හෝටල් හිමියෝ සහ සැපයුම්කරුවෝ දහස් ගණනක් පසුගිය වසර එකොළහ පුරා එය භාවිත කරති. කුඩා ව්‍යාපාරිකයන්ට ගමේ සහ නගරයේ සිටින ගැනුම්කරුවන් හඳුනා ගැනීමට harivaasi.lk වෙබ් අඩවියෙන් අවස්ථාව සැලසේ. අන්තර්ජාල අලෙවිකරණය දැරිය හැකි මිලකට ලැබෙන මෙමඟින් ශ්‍රී ලංකාවේ සැමට මෙගා ඊ-සාප්පු සංකීර්ණයක අත්දැකීම ලැබිය හැකිය.

News Order: 
3
මාතෘකා