මෙරට උසස් අධ්‍යාපනය ප්‍රමිතිකරණය හා ප්‍රවර්ධනය කළ SLIIT

 ඡායාරූපය:

මෙරට උසස් අධ්‍යාපනය ප්‍රමිතිකරණය හා ප්‍රවර්ධනය කළ SLIIT

SLIIT ජාතියේ විශාලතම හා වඩාත්ම කීර්තිමත් උපාධි ප්‍රදානය කරන දේශීය ආයතන අතර අද වන විට විශාල පිළිගැනීමට ලක්ව ඇත. උසස් අධ්‍යාපනයේ සාර්ථක පරිච්ඡේදයක් පසුගිය දශක දෙක තුළ දැයට තිළිණ කළ SLIIT, අධ්‍යාපනික විශිෂ්ටත්වය කරා සිසුන්ට ගමන් කිරීමට සහයෝගය දැක්වීම ප්‍රමුඛස්ථානයෙහිලා සලකමින් සිසුන්ට අත්‍යවශ්‍ය කුසලතා ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් ජාතික ආර්ථිකය හැඩගැස්වීමට දායක වී සිටී.

ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් සහයෝගය ලබා ඇති SLIIT වසර ගණනාවක් තිස්සේ රට තුළ කිසි දිනෙක දක්නට නොහැකි වූ නව උසස් අධ්‍යාපන ආකෘතියක් නිර්මාණය කර ඇත. එමඟින් උපාධිධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් පුළුල් වෙනසක් ඇති කිරීමට සහයෝගය හා ධෛර්යය ලබා දී තිබේ.

1999 වසරේදී මෙරට වර්ධනය වන කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින් සිසුන් 390ක් කොල්ලුපිටියේ පිහිටි ප්‍රථම SLIIT ආයතනයේදී ආරම්භක බඳවා ගැනීම ලෙස කෙරිණි. දශක දෙකකට පසු SLIIT මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර සිය ස්ථාවරය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයන්ගෙන් 65%ක් SLIIT උපාධිය හිමි කර ගත් පුද්ගලයන් බවට පත් කිරීමට සමත්ව ඇත.

මීට අමතරව SLIIT විසින් මේ දක්වා සාර්ථක වෘත්තිකයන් 27,000කට අධික සංඛ්‍යාවක් බිහි කර ඇති අතර උපාධි කාලය අවසන් වන විට 93%කට වඩා වැඩි පිරිසක් සේවයෙහි නියුක්තව ඇත. එමඟින් නවීන සේවා ස්ථානවලට අත්‍යවශ්‍ය පුළුල් පරාසයක රැකියා නිපුණතාවලින් සන්නද්ධ සිසුන් බිහි කිරීමට ආයතනයට ඇති හැකියාව මනාව පෙන්නුම් කර ඇත.

අද වන විට මාලඹේ ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතනයට අමතරව SLIIT දීපව්‍යාප්තව යාපනය, මාතර, මහනුවර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගරවල උසස් අධ්‍යාපන ආයතන පිහිටුවා ඇත.

SLIITහි ප්‍රධාන ජයග්‍රහණ අතර සිසුන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීමට ඇති හැකියාව, ඔවුන් වෘත්තිකයන් බවට පරිවර්තනය කිරීම, විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බිහිකිරීමේ හැකියාව පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සනිටුහන් කරමින් වර්තමානයේ මෙරටට අපනයන අාදායම් උපයන පස්වන බලවේගය වන තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ දැවැන්ත වර්ධනයට SLIIT සහ එහි උපාධිධාරීන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

මාතෘකා