බ්‍රිටිෂ් කවුන්සිලයට වසර 70යි

 ඡායාරූපය:

බ්‍රිටිෂ් කවුන්සිලයට වසර 70යි

බ්‍රිටිෂ් කවුන්සිලය වසර 70ක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විවිධ කාර්යයන් ඉටු කරමින් මෙරට ජනතාවගේ ජීවිත ස්පර්ශ කරමින් ඔවුන්ට ප්‍රතිලාභ අත්කර දුන් වසර 70ක සංවත්සර සැමරුම ඉහළින්ම සමරයි. එහිදී මේ වසරේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් සිය ජීවිත වෙනස් කරගත් පුද්ගලයින්ගේ කතන්දර 70ක් එකතු කිරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවට 1949 වසරේ නිදහස ලැබීමෙන් අනතුරුව බ්‍රිටිෂ් කවුන්සිලය, එක්සත් රාජධානිය නියෝජනය කරමින් සංස්කෘතික සම්බන්ධතා සහ දෙරට අතර සහයෝගිත්වය ගොඩනැගීම මෙන්ම තරුණයන්ට අවස්ථාවන් නිර්මාණය කිරීමේ කාර්යයේ නිරතව සිටී. එහිදී ඉංග්‍රීසි අධ්‍යාපනය, කලාව සහ තරුණ වැඩසටහන් ආදිය තුළින් බ්‍රිටිෂ් කවුන්සිලය

ශ්‍රී ලාංකික සමාජය සමඟ අත්දැකීම් සහ විශේෂඥතාව බෙදා හදා ගනිමින් මෙරට ජනතාවගේ දිගු කාලීන යහපත උදෙසා පුද්ගලික හා ආයතනික සම්බන්ධතා ගොඩ නගා ගනිමින් ධනාත්මක දායකත්වයක් සපයනු ලබයි.

මුල් වසර කිහිපය තුළ ඉංග්‍රීසි ගුරුවරුන් සඳහා සහාය සහ පුහුණුව, පුස්තකාල පවත්වාගෙන යාම සහ කලා වැඩසටහන් සංවිධානය කිරීම වැනි දශක 7ක් පුරා පැවති වැඩසටහන් ඔවුන් මෙරටට සිදු කළා වු සමාජ මෙහෙවරේ මුල් පියවරයන් ලෙස හඳුනාගත හැකිය. බ්‍රිටිෂ් කවුන්සිලය සිසුන්ට අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට යාමට උපදෙස් ලබා දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා සහායද විද්‍යාවේ සිට ෂේක්ස්පියර් දක්වා විවිධ විෂයයන් පිළිබඳ දේශන චාරිකා සංවිධානය කිරීමටද දායකත්වය ලබා දී තිබේ. මේ අාකාරයෙන් මෙරටට සහාය ලබා දීමේ මුල් පියවර තුළින් බ්‍රිටිෂ් කවුන්සිලය පුද්ගල අරමුණු ඉටු කර ගැනීමට පහසුකම් සැලසීය. එමගින් බොහෝ විට ශ්‍රී ලාංකික ජාතියේ සමෘද්ධිය උදෙසා දායක වූ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් බිහි කිරීමට හැකියාව ලැබිණි.

පසු කාලීනව බ්‍රිටිෂ් කවුන්සිලය සැලකිය යුතු ලෙස පුළුල් වූ අතර ඉංග්‍රීසි භාෂා පන්ති පැවැත්වීම සෑම සතියකම වැඩිහිටියන් හා තරුණ අධ්‍යාපනය ලබන්නන් 6,000ක් දක්වා ඉහළ නැංවිණි. එසේම එක්සත් රාජධානියේ විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයන් වසරකට 100,000කට ආසන්න ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කෙරිණි. මේ වන විට කොළඹ, මහනුවර සහ මෑතකදී යාපනයේ ආරම්භ කරන ලද කාර්යාලද සමග ශාඛා තුනකින් සමන්විත බ්‍රිටිෂ් කවුන්සිලයට මාතර තවත් හාවුල්කාර ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ඇත. මේ වන විට ඔවුන්ගේ පුස්තකාල සාමාජිකත්වය ලබා ගෙන ඇති පිරිස 24,000කට අධිකය.

News Order: 
2
මාතෘකා

ජනප්‍රිය ලිපි