කෝස්වේ පේන්ට්ස් Debeer බෙදා හැරීමේ නියෝජිතයන් අගයයි

 ඡායාරූපය:

කෝස්වේ පේන්ට්ස් Debeer බෙදා හැරීමේ නියෝජිතයන් අගයයි

නේක විද වර්ණයන්ගෙන් ශ්‍රී ලංකාව විචිත්‍රවත් කළ කෝස්වේ පේන්ට්ස් සමාගම විසින් 2019 දී සිය අභිමානවත් 25 වැනි සංවත්සරය අභිමානයෙන් සමරන ලදී. නිරන්තරයෙන් පාරිභෝගිකයන්ගේ ජීවිත සුන්දර සහ වර්ණවත් කිරීමට නව්‍ය නිෂ්පාදන හඳුන්වා දීමේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම ජන මනස තුළ ස්ථානගත වී තිබේ.

වාහන තීන්ත (Auto Refinish) වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කොස්වේ පේන්ට්ස් සමාගම නෙදර්ලන්තයෙන් ආනයනය කරන ජාත්‍යන්තරය දිනූ සන්නාමයක් වන Debeer නිෂ්පාදන ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීමේ එකම බලය ලත් නියෝජිතයා වෙයි. Debeer නිෂ්පාදන පාරිභෝගිකයන්ට සමීප කරන බෙදා හැරීමේ නියෝජිතයන් අගයමින් වර්ණවත් උත්සවයක් බෙදා හැරීමේ නියෝජිතයන් 550කට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් කොළඹ ෂැංග්‍රී ලා හෝටලයේ දී පවත්වන ලදී. එහි දී උසස් තත්ත්වයෙන් යුත් Debeer තීන්ත දිවයින පුරා බෙදා හරින වෙළෙඳ නියෝජිතයෝ ප්ලැටිනම් සම්මාන 22කින්, ඇගයුම් සම්මාන 35කින් සහ විශේෂ සම්මාන 15කින් පිදුම් ලැබූහ.

මාතෘකා