ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩලයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට වෛද්‍ය උපකරණ

වෛද්‍ය උපකරණ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදුන් අවස්ථාව ඡායාරූපය:
.වෛද්‍ය උපකරණ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදුන් අවස්ථාව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩලයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට වෛද්‍ය උපකරණ

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත්ද දන්තනාරායන මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි චන්දන අලුත්ගම මහත, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී - මානව සම්පත් රෝහිත අමරපාල මහතා, සහකාර කළමනාකාර සුබසාධන, විපුල ගනේවත්ත මහතා, රිජ්වේ ආර්යා ළමාරෝහලේ වෛද්‍ය සරෝජනී වික්නරජා මොහන් මිය.

වෛද්‍ය මනිල්කා බ්‍රාහ්මණ මිය සභාව අමතමින්

 

ඔක්තෝබර් 01 වනදාට යෙදුන ලෝක ළමා දිනය සමරමින් රිජ්වේ ආර්යා ළමාරෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩල සාමාජිකයෝ අත්වැල් බැඳගත්හ.

රෝහලේ 3 වැනි වාට්ටුව සාමාන්‍ය ළමා රෝග වාට්ටුවක්වන අතර එය දිනපතා උග්‍ර හා නිදන්ගත රෝගයන්ගෙන් පෙලෙන අභ්‍යන්තර රෝගීන් 80 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ප්‍රතිකාර ලබාදේ.

වාට්ටුවේ ළමුන් සඳහා ප්‍රශස්ත මට්ටමින් ප්‍රතිකාර ලබා දීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණවල අවශ්‍යතාව අවබෝධකරගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි කාර්ය මණ්ඩල සාමාජිකයෝ අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා දායකත්වය දැක්වීමට ඉදිරිපත්වූහ. අතරමේ අනුව රු1,200,000 ක පමණ වටිනාකමකින් යුත් High Flow Nasal Oxygen machine, Multipara Monitor සහ Infusion Pumps යන උපකරණ ලබාදීමට ඉදිරිපත් විය.

මෙම අත්‍යවශ්‍ය උපකරණ 2019 ඔක්තෝබර් 01 වැනි දින රිජ්වේ ආර්යා ළමා රෝහලේතෙවන වාට්ටුව වෙත පරිත්‍යාග කරන ලද අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ඉහළ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉහළ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්, අභ්‍යන්තර රෝගීන් සහ ඔවුන්ගේ දෙමාපියෝ සහභාගී වූහ.

මාතෘකා