සන්ක්වික් වෙතින් නව නිෂ්පාදන පෙළක්

 ඡායාරූපය:

සන්ක්වික් වෙතින් නව නිෂ්පාදන පෙළක්

ලෝකයේ ප්‍රථම වරට ලීටර් 2 ප්‍රමාණයෙන් නව තාක්‍ෂණයෙන් යුතු PET කැනිස්ටරයක් සහ නව Ready- To-drink ටෙට්‍රා ඇසුරුම් නිෂ්පාදන පෙළක් “සන්ක්වික්” පසුගියදා එළිදක්වන ලදී. මෙම නවතම “සන්ක්වික්” නිෂ්පාදන පෙළ, රසය, නැවුම් බව හා යහගුණය වැඩි කාලසීමාවක් සුරක්ෂිත කෙරෙන ආකාරයෙන් නිෂ්පාදනය කොට ඇත. මෙම නව ලීටර් 2 “සන්ක්වික්” ඇසුරුම් ඉතා සැහැල්ලු නිමාවකින් යුක්තවන අතර පරිසර හිතකාමී බවෙන්ද අනූනය.

ආරක්ෂිත හැඬලයක්, පොම්ප කිරීමේ හැකියාව සහ වසරක කල්තබාගැනීමේ හැකියාවක්ද සමග වෙළෙඳපොළට නිකුත්වන “සන්ක්වික්” ලීටර් 2 කැනිස්ටරය වැඩි පහසුවක් අත්කරදෙන, කාලයේ තාලයට සරිලන නිර්මාණශීලී ඇසුරුමකි.

පාරිභෝගිකයන්ගේ භාවිතයට පහසු හෙවත් Ready- To-drink නව්‍යකරණ තාක්ෂණයෙන් යුක්ත සන්ක්වික් ටෙට්‍රා ඇසුරුම් හුරුබුහුටිබවෙන් හා සැහැල්ලු නිමාවකින් යුක්ත හෙයින් ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී ඉතා පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාවද පවතී. මාස 12 ක කල්තබාගැනීමේ හැකියාවක් සමගින් සන්ක්වික් හි වඩාත් ප්‍රචලිත රසයන් වන දොඩම් හා මිශ්‍ර පළතුරු රසයන්ගෙන්, 200ml හා 125ml ලෙස නවතම සන්ක්වික් ටෙට්‍රා ඇසුරුම් වෙළෙඳපොළට නිකුත් කෙරේ.

සන්ක්වික් නවතම නිපැයුම් එළිදැක්වීමේ උළෙලේදී, සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මංගල පෙරේරා මහතා ර්‍ණ සන්ක්වික් ලීටර් 2 නවතම PET බෝතලය අපේ රටේ පරිභෝගිකයන් අතට පත්වන්නේ ලෝකයේ පළවෙනි වතාවටයි. එය ශ්‍රී ලංකාවේ පළතුරු යුෂ හා කෝඩියල් වෙළෙඳපොලේ ඉතා සුවිශේෂී පෙරළියක්. හඳුන්වාදුන් නවතම සන්ක්වික් ටෙට්‍රා ඇසුරුම් පෙළත් ලීටර් 2 PET බෝතලයත් සන්ක්වික් හා බැඳුනු ශ්‍රී ලාංකික පාරිභෝගියන් අතර ඉතාමත් ජනප්‍රිය වනු ඇති බව මාගේ විශ්වාසයයි.” යැයි පැවසීය.

මාතෘකා