PickMe වෙතින් දැන් Self PickUp

 ඡායාරූපය:

PickMe වෙතින් දැන් Self PickUp

PickMe 'Self PickUp' නමින් තවත් පෙරළිකාරී සේවාවක් මෙරටට හඳුන්වා දීමට PickMe සමාගම මෑතකදී කටයුතු කළේය. සම්මාන දිනූ, අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් යෙදුමක් (Smartphone app) වන PickMe හි අරමුණ වී ඇත්තේ මෙවැනි නව සේවාවන් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවන රටාවට වැඩි පහසුවක් එක්කිරීමය.

PickMe 'Self PickUp' ක්‍රමයේදී පාරිභෝගිකයන්ට PickMe app හරහා තම ආහාරපාන ඇණවුම් ලබාදිය හැකි අතර, ඔවුන්ටම ගොස් එම ආහාරපාන අදාළ ආපනශාලාවෙන් ලබාගත හැකි වේ. දැනට ක්‍රියාත්මක වන ආහාරපාන ගෙනැවිත් භාරදීමේ (ඩිලිවරි) සේවාවේ වෙනසක් සිදු නොවන නමුත්, මෙම නව ක‍්‍රමය නිසා තමන් සිටින ස්ථානයට ආසන්නයේ ආපනශාලා වෙතින් ආහාරපාන ඇණවුම් කරන පුද්ගලයන්ට එම ආපනශාලා වෙත ගොස්, තමන් ඇණවුම් කළ ආහාරපාන ලබාගැනීම වඩාත් පහසු වනු ඇත. PickMe 'Self PickUp' සේවාව නිසා ඔවුන්ට තවදුරටත් ආහාරපාන මිලදී ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටීමට සහ ගෙවීම් කිරීමට කාලය වැය කිරීම අවශ්‍ය නොවේ.

News Order: 
10
මාතෘකා