නවීන ඩිජිටල් ජීවන රටාවක් සඳහා 'SLT Smart Home'

 ඡායාරූපය:

නවීන ඩිජිටල් ජීවන රටාවක් සඳහා 'SLT Smart Home'

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සන්නිවේදන සේවා සැපයුම්කරුවන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) කුඩා හා විශාල ව්‍යාපාර, රාජ්‍ය අංශ, අනෙකුත් ගැනුම්කරුවන් හා දේශීය පාරිභෝගිකයන් ඇතුළු මිලියන 11කට අධික පාරිභෝගිකයන් ප්‍රමාණයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සෑම තරාතිරමකම පුද්ගලයන් සඳහා පුළුල් පරාසයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සපයන අතරම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා ලෙස ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ පිළිගැනීමට ලක්ව තිබේ.

SLT Premium Fibre සේවාව යටතේ 100/1000Mbpsක අද්විතීය අධිවේගී අන්තර්ජාල පහසුකම්, පැහැදිලි හඬ ඇමතුම්, HD තත්ත්වයේ Peo TV පහසුකම් මෙන්ම Smart Home (සුහුරු නිවහන්) විසඳුම් රාශියක් අත්විඳීමට හැකිය.

විප්ලවීය නවෝත්පාදනයක් වන SLT Smart Home විසඳුම් පසුගියදා බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති SLT Digitastic ප්‍රදර්ශනයේදී එළිදැක්වූයේ SLT පාරිභෝගිකයන්ට සුවපහසුව, ආරක්ෂාව සහ නූතනත්වයෙන් පිරිපුන් දිවියක් තිළිණ කරමිණි. තාක්ෂණයේ වේගවත් හා සුවිශේෂී දියුණුවත් සමඟින් මිනිසුන් එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු පහසු කරලීම සඳහා සුහුරු ක්‍රමවේදයන් සොයාගැනීමට දැඩිව නැඹුරු වී සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් SLT Smart Home සංකල්පය සමකාලීන විලාසිතාවන්හි ජීවත් වන පුද්ගලයන්ගේ අපේක්ෂිත ජයග්‍රහණයක් බවට පත්ව ඇත.

SLT Smart Home විසඳුම් නිවසක ආලෝකකරණ පද්ධතිය, දේශගුණය, උපාංග, බලශක්තිය, සංවේධක, තිර පාලකයන් ඇතුළු නිවසේ උපාංග රාශියක් පාලනය කිරීම වෙනුවෙන් සැලසුම් කර තිබේ. මීට අමතරව අපේක්ෂිත ඩිජිටල් ජීවන රටා අවශ්‍යතා සපුරාලන ප්‍රවේශ පාලනයන් හා අනතුරු හැඟවුම් පද්ධති ඊට ඇතුළත්ය. තවද SLT Smart Home විසඳුමට අදාළ සියලුම පාලන උපාංග මධ්‍යම කේන්ද්‍රාස්ථානයක් හෝ 'gateway' වෙත සම්බන්ධ කරන අතර ටැබ්ලට් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයක්, Smart Home යෙදුම හෝ අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි වෙබ් අතුරුමුහුණතක් හරහා පාලනය කළ හැකිය.

News Order: 
6
මාතෘකා