YCR සම්මාන උලෙළේදී වෘත්තීය පුහුණු අධිකාරිය ඇගයේ

 ඡායාරූපය:

YCR සම්මාන උලෙළේදී වෘත්තීය පුහුණු අධිකාරිය ඇගයේ

2018 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය සමගින් Muslim Aid Sri Lanka සංවිධානය, Youth and Community Resilience (YCR) නමින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කළේය. තාක්ෂණ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ට සාර්ථක සේවායෝජිතයන් හා ව්‍යවසායකයන් ලෙසත් සමස්තයක් ලෙස රටේ සංවර්ධනයට දායක වන සක්‍රිය පුරවැසියන් ලෙස ඉදිරියට යෑම සඳහා අවශ්‍ය සමාජ කුසලතා සංවර්ධන පුහුණුව ලබාදීම මෙම ව්‍යාපෘතියෙහි මූලික ඉලක්කය විය.

සමාජ කුසලතා සංවර්ධනය යටතේ සමූහ ‍ක්‍රියාකාරකම් හරහා සිසුන්ට විවිධ සංස්කෘතීන්, ප්‍රජාවන් හා ඔවුන්ගේ හර පද්ධති වටහා ගැනීමට අවස්ථාව සලසා දීම උදෙසා මෙම වැඩසටහන සැලසුම් කරන ලදි. එය දැනටමත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව, ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාරවලින් පෙනී යයි. වැඩසටහනට සහභාගී වූවන් තුළ අන්‍ය සමාජයන් හා සංස්කෘතීන් පිළිබඳව දැනුම පුළුල් වී ඇති අතර එය සුභදායක ප්‍රවණතාවකි. මෙය සමාජ - දේශපාලනික ගැටලු සම්බන්ධ ආකල්ප වෙනස් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම වැඩසටහන මගින් සිසු සිසුවියන් අතර සම්බන්ධතා ජාලයක් ගොඩනංවා ඇති අතර ඔවුන් අතර වෘත්තීය සම්බන්ධතා ශක්තිමත් කරවීමට මනා පදනමක්ද සකස් කර දී ඇත.

YCR වැඩසටහන යටතේ වෘත්තීය අධ්‍යාපන ආයතනවල තාක්ෂණික පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් 100ක් බඳවා ගෙන, ඔවුන්ට Council’s Global Active Citizens (AC) වැඩසටහන සඳහා භාවිත කරන 'Active Citizens Training Framework & Toolkit' භාවිත කරමින් පුහුණුව ලබාදෙන ලදි. මේ සඳහා විවිධ ආගමික හා සංස්කෘතික පදනම්වලට අයත් දේශකවරු 25 දෙනෙක් දායක වූහ.

වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය මණ්ඩලය හා සිසුන් විසින් පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම සහ Social Action ව්‍යපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන්, පසුගිය ඔක්තෝබර් 29 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ BCIS Olympus ශ්‍රවණාගාරයේදී සම්මාන උලෙළක් සහ ව්‍යාපෘති කුසලතා දැක්මක් පැවැත්විණි.

News Order: 
1
මාතෘකා