Atlas Future Land රට පුරා සංචාරයේ

 ඡායාරූපය:

Atlas Future Land රට පුරා සංචාරයේ

ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් සැලසුම් කළ Atlas Future Land ජංගම රථය මේ වන විට රට පුරා සංචාරය කරමින් සිටී. ලෝක ළමා දිනය සැමරූ ඔක්තෝබර් 01 වැනි දින ගමන් ආරම්භ කළ මෙම විශේෂ රථය ඉදිරියේදී රටේ පළාත් 8ක දින 75ක් පුරා නගර 150ක් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිතය. මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා විශේෂයෙන් සකසා ඇති මෙම ට්‍රැක් රථය දින 75ක් පුරා ගමනේ යෙදීමෙන් අනතුරුව 2019 දෙසැම්බර් 31 දින සිය සංචාරය අවසන් කරනු ඇත. 'අනාගත ලොව දිනන දේශීය නායකයන් තනන්නට' යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට VR සහ AR ක්‍රීඩා ඇතුළුව නිර්මාණශීලීත්වය අවදි කරවීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් කර තිබේ.

මේ පිළිබඳව ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා ශාන් වික්‍රමසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. "වසර 60ක් තුළ අප ශ්‍රී ලංකාවේ පාසල් ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වීමට සමත් වී තිබෙනවා. 'Atlas Future Lands'. සමඟින් මෙම සාර්ථකත්වයේ සතුට අපගේ පාරිභෝගිකයන් සමග බෙදාහදා ගැනීමට අප කල්පනා කළා. ලොව බිහිවන නව තාක්ෂණයන් සහ ප්‍රවණතා දරුවන්ට හඳුන්වාදීම අපගේ වගකීමක් බව අප විශ්වාස කරනවා. මෙම ජංගම රථය සැලසුම් කෙරුණේ ඒ අනුවයි. එය අපේ දරුවන්ට අනාගත ලෝකයට හැඩගැසීමට අවශ්‍ය තාක්ෂණයන් සම්බන්ධව අත්දැකීමක් එක් කරන අතරම මවුපියන්ට තම දරුවන් එම නවීන තාක්ෂණයන්ට පුහුණු කළ යුතු ආකාරය පිළිබඳව දැනුමක් ලබාදීමත් සිදුවෙනවා."

මෙම ජංගම රථයට පැමිණෙන දරුවන් සිත් සේ විනෝද වන අතරම ඔවුන්ගේ ඥානන හා චාලක හැකියාවන් වර්ධනය කරන විවිධ ඩිජිටල් ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. දරුවන් අනාගත නායකයන් බවට පත්වීමේදී වැදගත් වන කුසලතා සම්බන්ධයෙන මවුපියන් දැනුවත් කිරීමටද ප්‍රවර්ධන කණ්ඩායම මෙහිදී කටයුතු කරනු ඇත. මෙම වැඩසටහන 2019 සැප්තැම්බර් මාසයේ පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 'Atlas Future Lands' ප්‍රදර්ශන කුටිය සමග ආරම්භ කරන ලද දීර්ඝකාලීන වැඩසටහනක තවත් ඉදිරි පියවරකි. දරුවන් තුළ ඉගෙනුම සම්බන්ධ ආශාවන් පුබුදුවන අන්තර්-ක්‍රියාකාරී ක්‍රීඩාවන් ඔස්සේ ඔවුන්ට අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.

News Order: 
0
මාතෘකා