SLTC පරිගණක සහ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයක් ආරම්භ කරයි

 ඡායාරූපය:

SLTC පරිගණක සහ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයක් ආරම්භ කරයි

 

ශ්‍රී ලංකා තාක්ෂණික කැම්පස් (SLTC) අද කොළඹ 10 ට්‍රේස් එක්පර්ට් සිටිහී මොබිටෙල් නව්‍යතා මධ්‍යස්ථානයේදී පවත්වන ලද උලෙළකදී පරිගණක සහ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශය නිල වශයෙන් ආරම්භ කරන ලදි.

මෙම පරිගණක තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශය ප්‍රාෙයා්ගික පුහුණුවීම් හරහා උසස් පරිගණක සහ තොරතුරු තාක්ෂණ දැනුම බෙදා දෙමින් අර්ථවත් නව්‍යතා බිහිකළ හැකි විද්වතුන් පිරිසක් බිහිකිරීමට දායකවනු ඇත.

එම නිල උත්සවය සඳහා සමාරම්භක SLTCහී සභාපති ඉංජිනේරු රංජිත් ජී. රූබසිංහ PLCහී සමූහාධිපති කුමාරසිංහ සිරිසේන සහ එහි සේවක මණ්ඩලය සහ ආචාර්යවරුන් සමඟ ආරාධිත අමුත්තන් ලෙස ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බාස් බාස්කරන්, කරයිකුඩි අලගප්පා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සී. සේකර් අලහාබාත් ඉන්දියානු තොරතුරු තාක්ෂණ ආයතනයේ ආචාර්ය සොනාලි අගාර්වල් යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.

 

News Order: 
1
මාතෘකා