Orel Classroom වෙතින් තාක්ෂණ අධ්‍යාපනයේ පෙරළියක්

Orel Classroom වෙතින් තාක්ෂණ අධ්‍යාපනයේ පෙරළියක්

OREL Corporation සමාගම සිය නවතම හඳුන්වාදීම වන Orel Classroom පසුගියදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී එළිදැක්වීමට කටයුතු කළේය. OREL Corporation යනු Orange Electric සමාගමේ මවු සමාගම වන අතර නවීන තාක්ෂණය ඔස්සේ දරුවන්ට නව ලොවට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම ඉලක්ක කරගෙන Orel Classroom හඳුන්වා දී ඇත. මෙය දියත් කිරීමේ අවස්ථාවට ශිෂ්‍යයෝ සහ ගුරුවරු විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී Orel Classroom ඔවුන්ගේ නොමඳ ඇගයීමට ලක්විය.

නවීනතම තාක්ෂණ හා අන්තර්ජාල විසඳුම් හා සේවාවන් කිහිපයක එකතුවක් ලෙස Orel Classroom නිර්මාණය වී ඇත. වේගයෙන් වෙනස් වන ලෝකයක දේශීය හා ජාත්‍යන්තර ප්‍රවණතාවලට නව පරපුර විධිමත්ව සූදානම් කරවීම මෙහි මූලික අරමුණ වේ. මෙමඟින් රටේ අනාගත නායකයන්ට හා නවෝත්පාදකයන්ට ජාත්‍යන්තර තලය ජයගැනීමට අවශ්‍ය දැනුම හා පළපුරුද්ද ලැබෙනු නිසැකය.

Orel Classroom නිර්මාණයට මුලපිරීම සිදුවූයේ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද ආරාධනයකට අනුවය. එහිදී දරුවන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක වැඩසටහන් නිර්මාණය සම්බන්ධ පුහුණු ක්‍රමවේදයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටින ලදි. Orel Corporation දීර්ඝ කාලයක පටන් Farnellහි හවුල්කරුවකු ලෙස සහ BBC micro:bit සහ Raspberry Pi සඳහා නිල බෙදාහැරීම් නියෝජිත ලෙස කටයුතු කරන නිසා මෙම දෘඪාංග පදනම් භාවිත කරමින් අදාළ පුහුණු කට්ටලය නිර්මාණය කිරීමට කටයුතු කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස OrelBits නිර්මාණය වූ අතර ඒ ඔස්සේ Orel Classroomහි ආරම්භය සනිටුහන් විය.

දරුවන්ගේ මනස උත්තේජනය වන පරිදි දැනුම හා පුහුණුව ලබාදීම සඳහා විශේෂයෙන්ම සැකසූ IoT kits, Sensors kits සහ 3D printers ඇතුළු උපාංග කිහිපයක්ද Orel Classroom කට්ටලයට ඇතුළත් වේ. තවද දරුවන්ට පන්ති කාමරයෙන් පිටතදී පවා අන්තර්ජාලය ඔස්සේ දැනුම හා පුහුණුව ලැබීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට OREL Corporation පියවර ගෙන ඇත. ඒ අනුව දරුවන්ට විවිධ පාඩම්, මඟපෙන්වීම් හා පුහුණු අභ්‍යාස ආදිය තම නිවසේ සිටම වුවද පහසුවෙන් පරිශීලනය කළ හැකි වේ.

News Order: 
4
මාතෘකා

ජනප්‍රිය ලිපි