Culinary Art Food Expo 2019 CAFÉ ප්‍රදර්ශනයට කැපීපෙනෙන ආකර්ෂණයක්

 ඡායාරූපය:

Culinary Art Food Expo 2019 CAFÉ ප්‍රදර්ශනයට කැපීපෙනෙන ආකර්ෂණයක්

Culinary Art Food Expo (CAFÉ) 2019 ප්‍රදර්ශනය සහ ඉවුම්පිහුම් තරගාවලිය ඔක්තෝබර් මස 21, 22 සහ 23 යන දිනවල BMICH හිදී සාර්ථකව පැවැත්විණි. ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් විසින් ලෝක සූපවේදීන්ගේ සමාජ සංගමය සහ වෘත්තීය ප්‍රදර්ශන සංවිධාන ආයතනයක් වන CDC Events & Travels ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සහ තරගාවලිය හෝටල්, ආපනශාලා මෙහෙයුම්කරුවන්, පාරිභෝගික ආහාර සේවා වෘත්තිකයන්, මෙවලම් අලෙවි නියෝජිතයන්, ආහාර බෙදාහැරුම්කරුවන් සහ දෙස්-විදෙස් පාර්ශ්ව විශාල පිරිසකගේ ප්‍රදර්ශන කුටි 120කගෙන් සමන්විත විය.

ඉවුම්-පිහුම් කර්මාන්තයේ දිශානති දිනෙන්-දින වෙනස් වෙමින් පවතින තත්ත්වයක් තුළ CAFÉ ප්‍රදර්ශනය සඳහා පාරිභෝගික ආහාර සේවා අංශයේ වෘත්තිකයන්ගේ සහයෝගය අඛණ්ඩව වර්ධනය වී ඇත. එබැවින් මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි සඳහා කැපීපෙනෙන ලෙස ඉහළ මට්ටමක ඉල්ලුමක් පැවති අතර නව ප්‍රදර්ශනකරුවන්, වැඩි නවෝත්පාදන අදහස් සමඟින් එය අන් වසරවලටද වඩා නිර්මාණශීලී බවක් ගෙන තිබිණ.

කීර්තිමත් සූපවේදීන් රැසක් මෙවර ප්‍රදර්ශනයේදී දැකගත හැකි විය. ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩල සාමාජිකයන් මෙන්ම කලාපයේ අනෙකුත් රටවල් නියෝජනය කරමින් තරගකරුවෝ රැසක්ද මෙවර ප්‍රදර්ශනයට සහභාගී වූහ. ප්‍රදර්ශන නැරඹීම සඳහා පැමිණි පිරිසට නවතම ප්‍රවණතා, තාක්ෂණික ක්‍රමවේද සහ නවෝත්පාදන කෑම වට්ටෝරු මෙන්ම සිය මුළුතැන්ගේ පිළිබඳ නැවුම් චින්තනයකින් යුතුව කටයුතු කිරීම පිළිබඳවද දැනුවත් වීමේ අවස්ථාව උදා විය.

News Order: 
3
මාතෘකා

ජනප්‍රිය ලිපි