රුපියල් බිලියන 50ක වටිනාකම ඉක්ම වූ බැංකු සන්නාමය 'ලංකා බැංකුව'

 ඡායාරූපය:

රුපියල් බිලියන 50ක වටිනාකම ඉක්ම වූ බැංකු සන්නාමය 'ලංකා බැංකුව'

Media Serviced (Private) Limited විසින් පළ කරනු ලබන The Brand Annual 2019 පවසන ආකාරයට Brand Finance Lanka සඟරාවට අනුව ලංකා බැංකුව රුපියල් බිලියන 50ක් ඉක්මවූ සන්නාම වටිනාකම ඉක්මවූ පළමු බැංකුව බවට පත්වී සිටින අතර බැංකුකරණ ක්ෂේත්‍රයෙහි අංක 1 බැංකුකරණ සන්නාමය සුරක්ෂිත කරගෙන ඇත. දත්තවලට අනුව මෙම සන්නාමය පෙර කිසිදා වාර්තා නොකළ ඉහළම වර්ධනයක් දක්වා ඇති අතර එය පසුගිය වසර හා සසඳන කල 21%ක සන්නාම වටිනාකමෙහි වර්ධනයකි. එමෙන්ම එය දැන් රුපියල් බිලියන 51.8ක ආකර්ෂණීය සන්නාම අගයක්ගනී. Brand Finance Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ රුචි ගුණවර්ධන මහතා විසින් Brand Finance Most Valuable Banking Brand title in 2019 ප්‍රදානය කිරීමට අදාළ සහතිකය ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාට සහ ප්‍රධාන විධායක නිලධාරී/මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර මහතා වෙත බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල මැදිරියේ දී මෑතකදී ප්‍රදානය කළේය.

"ලංකා බැංකුව සෑම විටම සියලු පාර්ශ්වකරුවන්හට ගුණාත්මකභාවයෙන් වැඩි සේවාවන් සපයන අතරම දිගු කාලීන ක්‍රමෝපායන් පිළිබඳ අවධානය යොමු කර ඇත. එය අපගේ සන්නාමය ශක්තිමත් කරන පදනම වේ. තම ව්‍යාපාර පරිචයන් හරහා සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ගොඩනැ‍ඟීමට අප සන්නාමයට හැකි වී ඇතැයි" යැයි ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා, මෙම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් සඳහන් කළේය.

"ජාතියේ මහා පහන් ටැඹ ලෙස තම ස්ථානය තහවුරු කර ගනිමින් දශක අටක් පුරා දිනෙන් දින ඉදිිරියටම ගමන් කරමින් ඉහළම සන්නාම අගයක් වන රුපියල් බිලියන 51.8කට හිමිකම් කියන ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයා බවට පත්වූ ලංකා බැංකුවට ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට තම ක්‍රමෝපායන් යොදා ගැනීම මගින් තම ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට හැකි වී ඇත. බැංකුව කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වසනීයත්වය සමඟ දිගින් දිගටම ගනුදෙනු කරන අප වටිනා ගනුදෙනුකරුවන් මෙන්ම අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ සියලු පාර්ශ්වකරුවන්හට ස්තුතිවන්ත වෙමි"යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙම විජයග්‍රහණය ඇගයීමට ලක් කරමින් Interbrand විසින් ශ්‍රී ලංකාවේ පැවැති එහි පළමු සම්මේලනයේදී ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 සන්නාමය සමඟ ගෞරවය ප්‍රදානය කරන ලදි. මෙම දේශීය සන්නාමය CMO Council Asia විසින්ද 2017 - 2018 වර්ෂ සඳහා MasterBrand ලෙස ජාත්‍යන්තරව ඇගයීමට ලක් කෙරුණු අතර එක්සත් රාජධානියේ The Banker සගරාව විසින් Top 1000 Banks in the World අතරින් එකක් ලෙස ලංකා බැංකුව නම් කෙරිණි.

මාතෘකා