AIA රක්ෂණ සමාගමෙන් වතුලියද්ද ප්‍රාථමිකයට ගොඩනැඟිල්ලක්

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමෙන් වතුලියද්ද ප්‍රාථමිකයට ගොඩනැඟිල්ලක්

AIA රක්ෂණ සමාගම, ශ්‍රී ලාංකේය සමාජය වෙත සිය කැපවීම විදහා දක්වමින් නොබෝදා උඩුවෙල, වතුලියද්ද ප්‍රාථමික පාසලට නවතම ගොඩනැඟිල්ලක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. මෙය අඩු වරප්‍රසාද සහිත දරුවන්ගේ ජීවිත නඟා සිටුවීමේ AIAහි අපගේ ප්‍රයත්නය වන ‘Lend a Hand’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද පස්වැනි පාසල් ව්‍යාපෘතියයි.

එක වසර සිට 5 වසර දක්වා පන්ති සහිත ගුරුවරුන් 15කින් සහ සිසු සිසුවියන් 248කින් සමන්විත මෙම පාසල, ඉඩ පහසුකම් මඳ, පැරණි ශාලාවක ඉතාමත් අපහසුවෙන් පැවැත්විණි. වෙන වෙනම පන්ති කාමර නොමැති බැවින් සියලුම ශ්‍රේණිවල දරුවෝ එම එකම ශාලාවේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියහ. AIA ඉදිකර දෙන ලද නව ගොඩනැඟිල්ල වෙනම පන්ති කාමර 4කින් සමන්විත වන අතර දරුවන්ට සිය පාසල් කටයුතු කරගෙන යෑමට ඉතාමත් හොඳ පරිසරයක් මෙමඟින් ලැබී ඇත. මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට AIA රක්ෂණ සමාගමේ සහකාර ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, මානව සම්පත් අධ්‍යක්ෂ තුෂාරි පෙරේරා සහ ජේෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී නුවර ශාඛාව, සේනක රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මාතෘකා