SLT ජාතික මට්ටමේ පෙරළියකට සැරසෙයි

 ඡායාරූපය:

SLT ජාතික මට්ටමේ පෙරළියකට සැරසෙයි

රට පුරා hotspots 200,000ක්

Fontechහි වයි-ෆයි සේවා කළමනාකරණ ක්‍රමවේදය වන WSMP සහ Connection Manager ඇතුළත් ගනුදෙනුවක් සමඟින් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් පාදක කරගත් ලොව ප්‍රමුඛතම වයි-ෆයි සේවා සම්පාදයකයකු වන Fon ආයතනය සමඟ ජාත්‍යන්තර රෝමිං සේවා ගිවිසුමකට එළැඹීමට, ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු සහ රටේ ප්‍රමුඛතම බ්‍රෝඩ්බෑන්ඩ් සහ එම සේවා යටිතල සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟම ඉකුත්දා ක්‍රියා කළේය. මෙමඟින් SLT වයි-ෆයි සබඳතා පදනම, Fontechහි WSMP වාහක ශ්‍රේණිය ආදියෙන් ශක්තිමත්ව මෙරට තුළ සීමා මායිම් රහිත වයි-ෆයි සබඳතා සඳහා හිමිකම් කියනු ඇත. ඒ සමඟ SLT විසින් Fon සමඟ එළැඹි රෝමිං ගිවිසුම අනුව ලොව පුරා පිහිටි ස්ථාන මිලියන 23කදී වයි-ෆයි හා සම්බන්ධ වීමේ අවස්ථාව සැලසේ.

Fontechහි නම්‍යශීලී සහ පාරිභෝගිකයාට මනා ලෙස යෝග්‍ය වූ නවීනතම තාක්‍ෂණයේ සහයෙන්, පාරිභෝගික පරිශ්‍රයන්හි වන උපකරණ (CPE) වෙත FTTH, ADSL සහ LTE ආදී ආකෘතීන් ඒකාබද්ධ කිරීම SLT වෙත හැකිවනු ඇත. ඒ ඔස්සේ Mobile App, captive portal, WISPr (Wireless Internet Service Provider roaming) සහ EAP (Extensible Authentication Protocol) ආදිය හරහා සිය පාරිභෝගිකයන් වෙත වයි-ෆයි hotspots හා සම්බන්ධ වීමේ එකිනෙකින් වෙනස් වූ විකල්ප රැසක් සපයා දීම SLT වෙත හැකියාව ලැබේ.

මෙම සේවා ව්‍යාප්තිය 2019 වසරේ පළමු කාර්තුවේදී ඇරඹෙන අතර 2019 වසරේ අවසානය වන විට රට පුරා hotspots 200,000 ස්ථානගත කරමින් Fon හී ආසියානු කලාපයේ සිය සේවා පුළුල් කිරීමට මෙන්ම ඔවුන්ගේ ලොව පුරා පිහිටි hotspots ගණන තවදුරටත් වැඩි කිරීමට කටයුතු සිදුවනු ඇත.

Fon සහ Fontech

Fon යනු ලොව පුරා ව්‍යාප්ත වූ වයි-ෆයි ජාලයකි. මෙයට දශකයට ප්‍රථම පුරෝගාමී ගෘහාශ්‍රිත වයි-ෆයි සම්පාදකයා බවට එය පත්වූ අතර ටෙලිකොම් ක්‍ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගම් සමඟ එකතුව hotspot මිලියන 23කින් සමන්විත ලොව දැවැන්තම වයි-ෆයි සමූහය ගොඩනැඟීමටද Fon වෙත හැකිවිය. ගෘහාශ්‍රිත සහ ප්‍රමුඛ පොදු වයි-ෆයි මෙන්ම වයි-ෆයි ජාලයන් අන්තර් සම්බන්ධ කරමින් සහ සම්බන්ධිත සේවාවක් හරහා සීමා මායිම් රහිත සේවාවක් ජනතාව වෙනුවෙන් සැපයීමට එයට හැකිවිය.

මාතෘකා