Daraz Express (DEX) Hub ජාලය වෙතින් ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට පුළුල් සේවා රැසක්

 ඡායාරූපය:

Daraz Express (DEX) Hub ජාලය වෙතින් ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට පුළුල් සේවා රැසක්

2020 වනවිට මුළු දිවයිනම ආවරණය කළ සේවා ජාලයක්!

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ජනප්‍රිය වන අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගැනීමේ ජීවන රටාවට වැඩි වටිනාකමක් එක් කරන අන්තර්ජාල අලෙවිකරණයේ ප්‍රමුඛ සන්නාමයක් වන Daraz විසින් සිය භාණ්ඩ බෙදාහැරීමේ ජාලය වන Daraz Express (DEX) Hub තවදුරටත් ශක්තිමත් කර ඇත. Daraz සමඟ එක්වූ දීපව්‍යාප්ත පාරිභෝගික ජාලය වෙත කඩිනමින් භාණ්ඩ ලබාදීම වෙනුවෙන් අදින් වසරකට පෙර ඇරඹූ Daraz Express (DEX) Hub භාණ්ඩ බෙදාහැරීමේ ජාලය මේ වනවිට දිස්ත්‍රික්ක 14ක් ආවරණය කරනු ලබන අතර 2020 වසර අවසන් වන විට එම සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කරගැනීමට කටයුතු යොදා ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර සහ කළුතර ප්‍රදේශයන් ආවරණය කරමින් සංඛ්‍යාත්මකව මසකට 4000ක නැව් බඩු තොගයක් Daraz Express (DEX) Hub වෙතින් බෙදාහැර තිබේ. යාපනය හා කුරුණෑගල මෙන්ම බදුල්ලද වේගවත් වර්ධනයක් පෙන්වන ප්‍රදේශයන්ය. මෙරට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගැනීම කෙරෙහි පාරිභෝගික ලැදියාව වැඩිදියුණු කිරීම සඳහා හොඳම උදාහරණයක් ලෙස තවමත් Daraz Express (DEX) Hub ස්ථාපිත නොකළ අම්පාර වැනි ප්‍රදේශ රැසකින්ද භාණ්ඩ ඇනවුම් ලැබීම පෙන්වාදිය හැකිය.

Daraz Express (DEX) Hub පිළිබඳ අදහස් දක්වන Daraz Sri Lankaහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි දර්ශික අත්තනායක, දිනෙන් දින වර්ධනය වන වෙළෙඳපොළ අවශ්‍යතාව හා තෙවැනි පාර්ශ්වීය බෙදාහැරීම් නියෝජිතයන් (3PL) වෙතින් ආවරණය නොවන වෙළෙඳපොළ කොටස් ආවරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. වැඩි දුරටත් අදහස් දක්වමින් "Daraz දිනෙන් දින අත් කරගන්නා සාර්ථකත්වය නිසා වැඩිවෙන පාරිභෝගික අවශ්‍යතා වේගවත්ව හා ක්‍රමවත්ව සම්පූර්ණ කරන්නට අපේම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අවශ්‍යම මොහොතක් තමයි දැන් උදාවී තිබෙන්නේ." යැයි පැවසුවේය.

Daraz Express (DEX) Hubහි තවත් එක් වැදගත්කමක් වන්නේ භාණ්ඩ බෙදාහැරීමේ පූර්ණ විනිවිදභාවයක් සහිතවීමයි. ඉන් අලෙවිකරුවා සහ පාරිභෝගිකයා අතර විශ්වසනීය සබඳතාවක් ගොඩනැඟෙයි. එමෙන්ම Daraz වෙතින් භාණ්ඩ ලබාගැනීම හා ආපසු බාරදීම යනාදී කටයුතු සඳහා පාරිභෝගිකයාට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක කාර්යාලයක් බැගින් නිර්මාණය කිරීමද අන්තර්ජාලය හරහා කෙරෙන ගනුදෙනුවක විශ්වසනීයත්වය ඉහළ නැංවීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ඇති Daraz අති නවීනතම බෙදාහැරීමේ තාක්ෂණික ක්‍රමවේද නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් ක්‍රියාත්මක කරනු ලබන බෙදාහැරීම් ක්‍රමවේදය නිසා DEX Hub සමඟ එක්ව සිටින 3PL පාර්ශ්වකරුවන්ටද ඔවුන්ගේ සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව හිමිවේ.

මාතෘකා