EcocleanVexta වෙතින් අද්විතීය සේදුම් විසඳුමක්

EcocleanVexta වෙතින් අද්විතීය සේදුම් විසඳුමක්

Ecoclean සිය ආදරණීය පාරිභෝගික ප්‍රජාව තවත් නව සන්ධිස්ථානයක් වෙත රැගෙන යමින් ඔවුන්ගේ ශක්තිය ද සමඟ EcocleanVexta නමින් නවෝත්පාදක අත්දැකීමක් තිළිණ කරන ඩිටර්ජන්ට් පවුඩර් විශේෂය හඳුන්වාදී තිබේ.

Pure Life Solutions විසින් 2014 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද Ecoclean නිෂ්පාදනය යනු යුරෝපයේ වසර 3ක් මුළුල්ලේ පර්යේෂණවලට බඳුන්කර සංවර්ධනය කර ඇති වඩාත් විශ්වාසවන්ත සහ ආරක්ෂාකාරී සේදුම් විසඳුමක් වන අතර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා මේ වන විට සියල්ල සූදානමින් සිටී. වසර ගණනාවක් පුරා Ecoclean සිය පාරිභෝගිකයන්ට සනීපාරක්ෂාව අතින් ඉහළම විසඳුමක් ලබා දෙමින් දේශීය වෙළෙඳපොළ තුළ සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති අතර පොදු පාරිභෝගිකයාගේ සහ කර්මාන්තකරුවාගේ සිට හෝටල් සහ ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා දක්වා ඉතා ආරක්ෂිත ලෙස භාවිත කළ හැකි වන පරිදි නිමවා තිබේ.

නිපැයුම් නවෝත්පාදනයේදී සොබාදහම සුරැකීම වෙනුවෙන් දී ඇති අවධානය නිසා, Ecoclean සෙසු සියලු නිෂ්පාදන අතරින් සුවිශේෂිත ස්ථානයක් හිමි කර ගනී. එබැවින් Ecocleanහි ‍ඇති අනෙක් විශේෂිත ලක්ෂණ අතර සොබාදහම සුරක්ෂිත කිරීම සඳහා යොමුව විශේෂිත වේ. USEPA-CleanGredients USA ප්‍රමිතියට අනුකූලව අන්තර්ජාතික අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් වෙතින් නිසි පරිදි අමුද්‍රව්‍ය ලබා ගනිමින් සියලුම කර්මාන්ත හා සිල්ලර නිෂ්පාදනවල සිට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරා පරිසර හිතකාමී පිළිවෙතක් අනුගමනය කෙරී ඇති අතර කිසිදු අන්තරායකාරී රසායනික ද්‍රව්‍යක් මෙහිදී භාවිත කරනු නොලැබේ.

මාතෘකා