LANKAPAK 2019 කර්මාන්ත ප්‍රදර්ශනය සැප්තැම්බරයේදී

 ඡායාරූපය:

LANKAPAK 2019 කර්මාන්ත ප්‍රදර්ශනය සැප්තැම්බරයේදී

ප්ලාස්ටික් කර්මාන්තයේ ඇසුරුම්කරණය, පිරිසැකසුම්කරණය සහ මුද්‍රණය විදහා දක්වමින් 2019 සැප්තැම්බර් 11 සිට 13 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත LANKAPAK 2019 ප්‍රදර්ශනයේ මාධ්‍ය මුහුරත් උලෙළ පසුගියදා ගලධාරි හෝටලයේදී පැවැත්විණි. වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතන (SLIP) එහි තාක්ෂණික බාහුව ලෙස සැලකෙන ඇසුරුම්කරණ සංවර්ධන මධ්‍යස්ථානය එක්ව 21වැනි වරටත් සංවිධානය කරනු ලබන LANKAPAK ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රදර්ශන සංවිධායකයා වන CDC Events සහ ඉන්දියානු සමාගමක් වන Futurex අනුග්‍රහය දක්වයි.

ප්‍රදර්ශනයට සමගාමීව ඇසුරුම්කරණ, පිරිසැකසුම්කරණ, මුද්‍රණ සහ ප්ලාස්ටික් කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයක් 2019 සැප්තැම්බර් 12 වැනි දින පැවැත්වේ. එහිදී කර්මාන්ත ක්ෂේත්‍රයේ අදාළ ජාත්‍යන්තර දේශකයන් සහ ප්‍රවෘත්තිවේදීන් ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා හා කර්මාන්තය දැනට මුහුණ දෙන අභියෝග ජය ගැනීම පිළිබඳ සාකච්ඡා කරනු ඇත.

මාතෘකා