SLT Zero One වෙතින් Jobpal.lk රන් සම්මාන දෙකක් දිනයි

 ඡායාරූපය:

SLT Zero One වෙතින් Jobpal.lk රන් සම්මාන දෙකක් දිනයි

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් සේවා තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කළ SLT Zero One තරගාවලියේදී වෘත්තීමය සේවා අංශයේ (Professional Services) හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය හා තොරතුරු සේවා අංශයේ (Information Services) හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනා ගැනීමට Jobpal.lk වෙබ් අඩවිය මෙහෙයවනු ලබන EFutureTech Systems පෞද්ගලික සමාගමට හැකි විය.

Jobpal.lk 2017 වසරේ සිට සේවායෝජකයන් සහ රැකියා සොයන පිරිස් එකිනෙකා සම්බන්ධ කරවන වෙබ් අඩවියක් ලෙස රැකියා පුරප්පාඩු දැන්වීම් නොමිලේ පළ කරයි. අදාළ දැන්වීමට ප්‍රතිචාර දක්වන පිරිසට අමතරව වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය මැදිහත් වී සුදුසු සේවකයන් සොයා දීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

මාතෘකා