සිංගර් මයික්‍රොවේව් ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් කොළඹදී

 ඡායාරූපය:

සිංගර් මයික්‍රොවේව් ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් කොළඹදී

සිංගර් සමාගම ශ්‍රී ලාංකික ජනතාව නිරෝගිමත් කිරීම සඳහා අවම තෙල් භාවිතයෙන් ආහාර පිළියෙල කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ පළමු ප්‍රදර්ශනාත්මක වැඩසටහන පසුගියදා(23දා) දවස පුරා කොළඹ දී පැවැත්විය.

එහිදී සිංගර් මයික්‍රොවේව් උදුන භාවිතයෙන් තෙල් රහිතව විවිධ ආහාර පිසගන්නා ආකාරය පිළිබඳ පැමිණ සිටි පාරිභෝගිකයන්ට සජීවීව දැනුවත් වීමට අවස්ථාව ලැබුණු සිංගර් මයික්‍රොවේව් උදුනින් තෙල් රහිතව පිසගත හැකි ආහාර වර්ග ඇතුළත් සූපශාස්ත්‍ර පොතක්ද නොමිලේ ලබාදෙන ලදී.

පාරිභෝගික සුබසිද්ධිය උදෙසා බොහෝ සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන සිංගර් සමාගම ඉදිරියේදී දිවයිනේ අනෙකුත් නගරවලද මෙම ඉවුම් පිහුම් වැඩසටහන දියත් කිරීමට අපේක්ෂා කරන බව සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතා පැවසීය. සිංගර් වෙතින් මිලදී ගන්නා මයික්‍රොවේව් සඳහා විශිෂ්ට වගකීමක් පිරිනමන අතර දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස්, සිංගර් මෙගා සහ සිසිල් ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකිය.

 

මාතෘකා