AIA සියවස මාතරදී සැමරේ

 ඡායාරූපය:

AIA සියවස මාතරදී සැමරේ

මෙරට විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමාගමට වසර 100ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් දකුණු පළාත නියෝජනය කරන AIA ප්‍රාදේශීය කාර්යාලයන්හී සාමාජිකයන්, සෞඛ්‍ය සැලසුම්කරුවන්, සේවාලාභීන් ඇතුළු 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා මාතරදී පැවැත්විණ.

AIA රක්ෂණ සමාගම මෑතකදී එළිදක්වන ලද නව ව්‍යාපාර ප්‍රතිඥාව වන "සුවපත්, සැපවත් දිගුකල් දිවියක්" යන සංකල්පයට අනුව මෙම උත්සවයට සහභාගී වූ පිරිස හොඳ ආහාර පුරුදු ඇතිකර ගැනීම, ව්‍යායාම් කිරීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම වැනි වෙනස්කම් පිළිබඳ ප්‍රතිඥා දෙන ලදී.

එමෙන්ම සිය සේවාලාභීන්ට යහපත් සෞඛ්‍ය සහ මූල්‍ය ශක්තිය ලබා ගැනීමට සහාය වීමටද ඔවුහු ප්‍රතිඥා දුන්හ. AIA සමාගමට වසර 100ක් පිරීම සමරමින් පසුගියදා කොළඹදී පවත්වන ලද “AIA Walk for Life” සමාජ සත්කාරක වැඩසටහනට සහභාගී වූ සෑම පුද්ගලයකු වෙනුවෙන්ම රුපියල් දහස බැගින් ශ්‍රී ලංකා හදවත් සංගමයට පරිත්‍යාග කළ අතර එම වැඩසටහන අවසානයේ දී AIA රක්ෂණ සමාගම විසින් ශ්‍රී ලංකා හදවත් සංගමයට රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

මාතෘකා