නිපෝන් පේන්ට් සමාගම ආසියානු තරුණ නිර්මාණ ශිල්පීන්ගේ සම්මාන උලෙළ  කලඑළි ගන්වයි

 ඡායාරූපය:

නිපෝන් පේන්ට් සමාගම ආසියානු තරුණ නිර්මාණ ශිල්පීන්ගේ සම්මාන උලෙළ  කලඑළි ගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයකු වන නිපෝන් පේන්ට් සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සහයෝගය ඇතිව 3 වැනි වරටත් ‘2018 නිපෝන් පේන්ට් ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උලෙළේ (Asia Young Designer Awards – AYDA) ශ්‍රී ලංකා තරග අදියර තුන්වන වරටත් අති සාර්ථක ලෙස පසුගියදා සිදුකරන ලදී. ”නිර්මාණ ශිල්පයේ අභියෝගාත්මක සීමාවන්ගෙන් ඔබ්බට” යන තේමාවෙන් පැවැත්වුණ මෙම වසරේ තරගය වාස්තු විද්‍යාව හදාරන 3 වැනි සහ 4 වැනි වසර සිසුන් සඳහාත් සහ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පය හදාරන 2 වැනි සහ 3 වැනි වසරවල සිසුන් සඳහාත් අධ්‍යයන, පුහුණුව සහ නවමු අත්දැකීම් ලබා දෙමින් වර්ණවත් වූ අතර අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවන් උදාකරමින් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට පාත්‍ර කළේය.

නිපොන් පේන්ට් ආසියානු තරුණ සැලසුම් නිර්මාණ ශිල්පී ත්‍යාග ප්‍රදානෝත්සවයේ වාස්තු විද්‍යා හා අභ්‍යන්තර සැලසුම් නිර්මාණ යන කාණ්ඩයන්හි ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා වෝටර්ස් එජ් හි දී පැවැත්විණි. රන් සම්මානය දිනාගත් ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග හා නිපොන් පේන්ට් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ සිංගප්පූරුවේ වැඩිදුර පුහුණුවක් සඳහා අවස්ථාද හිමිවිය.

වාස්තු විද්‍යා අංශයේ රන් සම්මානය මොරටුව විශ්වවිද්‍යාලයේ ආශුබෝධ ගුරුසිංහ දිනා ගත් අතර අභ්‍යන්තර සැලසුම් නිර්මාණ අංශයේ රන් සම්මානය 'සිටි ස්කූල් ඔෆ් ආකිටෙක්චර්' හි සමාතුල් සානියා නියාස් විසින් දිනා ගන්නා ලදී.

AYDAහි අවසන් තරගය සිංගප්පූරුවේදී පැවැත්වෙන සිව් දින වැඩමුළුවකින් සමන්විත වන අතර ආසියාවේ හොඳම තරුණ නිර්මාණකරුවන් 30 දෙනා එහි දී සිය නිර්මාණාත්මක සංකල්ප ඉදිරිපත් කරනු ඇත. අවසන් තරගයේ විශිෂ්ටතම ජයග්‍රාහකයාට වාස්තු විද්‍යාව/ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ සැලසුම්කරණය පිළිබඳ ආසියාවේ කීර්තිමත්ම ආයතනයක දී මාස තුනක සීමාවාසික පුහුණුවක් ලැබීමේ අවස්ථාව උදාවේ . නිපොන් පේන්ට්ස් සමාගම මෙහි සම්පූර්ණ පිරිවැය දරයි.

මාතෘකා