AIA නව ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි

 ඡායාරූපය:

AIA නව ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි

නිකිල් අද්වානි තම ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කළ බව AIA රක්ෂණ සමාගම ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම 2019 ජූලි මස 1 වැනිදා සිට බල පවත්වනු ඇත.

එම ධුරයේ මෙතෙක් ක්‍රියාකාරී ලෙස කාර්යයේ නිරත වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වන පන්කජ් බැනර්ජී මහතා හොංකොංහි AIA සමූහයේ, සමූහ රක්ෂණ සහ සහයෝගිතා, ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්කර ඇත.

නිකිල් අද්වානි මහතා මේ දක්වා සමාගමේ සේවාලාභී උපාය මාර්ග, ආයතනික පරිවර්තන සහ අලෙවිකරණ අංශයන් බාරව නායකත්වය දැරුවේය. ඔහු එම අංශයන් බාරව දැරූ ප්‍රධාන වගකීම් අතර සමාගමේ රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීම, සේවාලාභී කළමනාකරණය, සන්නාම කළමනාකරණය, ආයතනික සන්නිවේදනය ඩිජිටල් අලෙවිකරණය සහ සමූහ රක්ෂණ මෙහෙයවීම සඳහන් කළ හැකිය. 2016 වසරේදී, AIA රක්ෂණ සමාගමට එක් වූ ඔහු AIA සමාගමේ වර්තමාන රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීමෙහි ප්‍රධානත්වය දැරූ අතර සමාගමේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ වර්ධනය සහ ව්‍යාප්තිය මෙහෙයවීම සඳහාත් වටිනා සේවයක් සලසා තිබේ. මෙයට අමතරව AIA Vitality වැඩසටහන රට පුරා සාර්ථකව ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලංකාව තුළ විවිධ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම තුළින් AIA සමය සවිමත් කිරීම සහ සමාගමේ සේවාලාභී කේන්ද්‍ර වැඩසටහන් රැසක් නිර්මාණය කිරීම යනාදිය නිකිල් සමාගම තුළ අත්පත් කළ ජයග්‍රහණ කිහිපයකි.

ඇ‍ෙමරිකාවේ කොළොම්බියා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් සහ ඉන්දියාවේ මුම්බායි විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය උපාධියක්ද නිකිල් සතුව ඇත. රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 25ක අත්දැකීම් ඇති ඔහු AIA සමූහය හා 2011 වසරේ සිට සම්බන්ධ විය. එයට ප්‍රථමව නිකිල් අද්වානි ඇ‍ෙමරිකාවේ නිව්යෝර්ක් ලයිෆ්, ගෙන්වර්ත් ෆයිනැන්ෂල්, ජැක්සන් නැෂනල් ලයිෆ් යන සමාගම් තුළත් ඉන්දියාවේ AIA Prudential වත්කම් කළමනාකරණ සමාගම තුළත් ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක්ද දරමින් සේවය කර තිබේ.

මාතෘකා