OPPO අනන්‍යතාවට නව වෙනසක්

 ඡායාරූපය:

OPPO අනන්‍යතාවට නව වෙනසක්

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ෆෝන් සන්නාමය වන OPPO, සිය පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් කැපවිම යළි අවධාරණය කරමින්, නිෂ්පාදනයන්හි සෑම අංශයකම ගුණාත්මකබව, නිර්මාණශීලීත්වය සහ අනන්‍යතාව මූලික කොටගත් නව සන්නාමයක් ලෙස සිය සන්නාම අනන්‍යතාවට නව අරුතක් ලබා දෙයි. ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියකු වන OPPO, 2019 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද Counterpoint Researchහි වාර්තාවට අනුව පෙර නොවූ විරූ 863%ක වර්ධනයක් සමඟින් ප්‍රීමියම් ඛාණ්ඩයේ ලොව වඩාත්ම වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ෆෝන් සන්නාමය බවට පත්ව සිටී.

එවැනි දැවැන්ත වර්ධනයකින් සහ ප්‍රීමියම් ඛාණ්ඩයේ පාරිභෝගියකන්ගෙන් ලද ප්‍රතිචාර මඟින් දිරි ගැන්වුණු OPPO, නිව්යෝක්හි සුප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියෙකු වන 'එඩී ඔපරා' සමඟ නව සන්නාමයක් වෙනුවෙන් සහයෝගීතා ගිවිසුමකට එළැඹිණි. OPPOහි නව වෙළෙඳනාම සන්නාමය, දිනෙන් දින අත් කරගන්නා වර්ධනයේ සහ සාර්ථකත්වයේ මනා පිළිඹිබුවකි.

සිය නිර්මාණශීලීත්වය සහ නව්‍යකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් OPPO තම නිෂ්පාදන පෙළෙහි නව නිෂ්පාදන මාලාවක් වන 'Reno' වෙළෙඳපළට හඳුන්වා දෙයි.

OPPOහි නිර්මාණශීලි දැක්මෙහි මනා පිළිබිඹුව වන Reno, ඉදිරි දශකයේ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා උත්ප්‍රේරකය බවට පත්වනු ඇත. නව නිෂ්පාදන සංකල්පයට, හැඩයට සහ සන්නිවේදන අකෘතියට නව පණක් ලබා දෙමින් OPPOහි දර්ශනයට ගැළපෙන ලෙස 'I'm Reno' සන්නාම ප්‍රවර්ධන වැඩසටහන දියත් වේ. OPPO හි නිර්මාණ ශක්තියේ ආස්වාදය ලබා දෙමින්, 'I'm Reno' වැඩසටහනේ කොටසක් ලෙස ලොව පුරා සුප්‍රකට කලාකරුවන් රැසක් OPPO සමඟ එක්ව ඇත. ලොවපුරා පාරිභෝගිකයන් වෙනුවෙන් නිර්මාණය කළ නිෂ්පාදන පෙළක් ලෙස OPPO Reno, ලොව පුරා OPPO ක්‍රියාත්මක වන සියලු වෙළෙඳපළවලදී මිලදී ගැනීමට හැකි වනු ඇත.

මාතෘකා