ඇට්ලස් සමාගම හැට වැනි සංවත්සරය අභිමාන‍යෙන් සමරයි

 ඡායාරූපය:

ඇට්ලස් සමාගම හැට වැනි සංවත්සරය අභිමාන‍යෙන් සමරයි

අභිමානවත් ශ්‍රී ලාංකික සමාගමක් සහ රටේ ආදරය දිනූ දේශීය සන්නාමයක් වන ඇට්ලස් සමාගම සිය 60 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර ඇත. මෙම වැඩසටහන්වලට ශිෂ්‍යත්ව ප්‍රදානයන් මෙන්ම නව නිෂ්පාදන එළිදැක්වීම්ද ඇතුළත් වේ.

ඇට්ලස් ඇක්සිලියා සමාගම ඩී.එස්. මදනායක මහතා විසින් 1959 වර්ෂයේදී ආරම්භ කෙරිණි. සේවකයන් දහ දෙනකු සහ යන්ත්‍ර 11ක් සමඟ එම සමාගම් ආරම්භ වන විට මෙරට වෙළෙඳපොළ ආනයන කරන ලද පෑන් පැන්සල් අභ්‍යාස පොත්වලට නතුවී තිබිණි. එහෙත් වඩාත් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රැසක් දේශීයව නිපදවා පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අභියෝගය ජය ගැනීමට ඇට්ලස් ඇක්සිලියා සමාගම සමත් විය.

2018 වසරේදී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තවදුරටත් තම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම උදෙසා තවත් සියයට සියයක් දේශීය හා ශක්තිමත් සමාගමක් වන හේමාස් හෝල්ඩින් සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීමට ඇට්ලස් සමාගම කටයුතු කළේය. මේ වන විට පිලිපීනය මාලදියින හා බංග්ලාදේශ යන රටවලට නිෂ්පාදන අපනයන කරන ඇට්ලස් සමාගම ඉදිරියේදී තවත් රටවලට ව්‍යාප්ත වීමට අපේක්ෂා කරයි.

සියයට සියයක් දේශීය සමාගමක් ලෙස බහුජාතික සමාගම් බාල ප්‍රමිතියෙන් යුතුව ආනයනික සහ ව්‍යාජ නිෂ්පාදන හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දුන් ඇට්ලස් සමාගම තම නිෂ්පාදනයේ ප්‍රමිතිය වැඩිකරමින් මිල ගණන් වඩාත් සහනදායී මට්ටමකට පවත්වාගෙන නව නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙම අභියෝගය ජය ගැනීමටද සමත් වී ඇත.

ඡායා [විමල් කරුණාතිලක]

මාතෘකා