SLT SpeedUp Karting ධාවන තරගයට සියලු කටයුතු සූදානම්

 ඡායාරූපය:

SLT SpeedUp Karting ධාවන තරගයට සියලු කටයුතු සූදානම්

මහජනතාව වෙත නවමු ක්‍රීඩා අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා ඩිජිටල් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, "SLT SpeedUp Karting Challenge 2019" කාර්ටින් ධාවන තරගය ප්‍රවර්ධනය කරනු පිණිස බණ්ඩාරගම Sri Lanka Karting Circuit (SLKC) සමඟ අත්වැල් බැඳගන්නා ලදි. 2015 වසරේදී ආරම්භ කරන ලද SLT SpeedUp වැඩසටහනෙහි දිගුවක් වශයෙන් මෙම කාර්ටින් ධාවන තරගය 2019 ජුලි මස 13වැනි දින පෙ.ව. 9 සිට බණ්ඩාරගම

ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙහි ප්‍රධාන අනුග්‍රාහක සමාගම වශයෙන් දායක වීමේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි අරමුණ වන්නේ ජාතියට ප්‍රතිලාභ රැසක් තිළිණ කිරීමේ හැකියාවක් ඇති නැ‍ඟී එන අංශයක් වන ‘ක්‍රීඩා සංචාරක කර්මාන්තය’ ආශ්‍රිත වෙළෙඳපොළ ඉඩකඩ පුළුල් කිරීමට දායක වන අතරම ක්‍රියාදාම පාදක කරගත් විනෝදාස්වාද සහ විවේක ක්‍රියාකාරකම් සඳහා ඇති ඉහළ ඉල්ලුම ඉටු කිරීමට පෙරමුණ ගැනීමයි. ක්‍ෂේත්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් තහවුරු කිරීමේ අරමුණින් මෙම තරගය "Ceylon Motor Sports Club" විසින් සංවිධානය කොට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ ධාවන තරග හා සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා SLT SpeedUp කාර්ටින් අභියෝගතා තරගයෙන් මහඟු පිටිවහලක් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාදාම පාදක කරගත් විනෝදාස්වාද පරිශ්‍රය වන බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට්හිදී (SLKC) තරගකරුවන් සහ ෙප්‍ර්ක්‍ෂකයන් යන දෙපිරිසම වෙත උද්වේගකර ක්‍රීඩා අත්දැකීමක් ලබා දීමට දායක වීම සඳහා අවශ්‍ය සියලුම විධිවිධාන මේ වන විටත් සලසා ඇත. මෙම කාර්ටින් සර්කිට් පරිශ්‍රය David Pieris Racing and Leisure (Pvt) Ltd හිමිකාරත්වය යටතේ එම සමාගම විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

මාතෘකා