දරුවන් නිර්මාණශීලීව හිතන්න පුරුදු කරන්න විශේෂ පුහුණු වැඩසටහන ජූලි 16

 ඡායාරූපය:

දරුවන් නිර්මාණශීලීව හිතන්න පුරුදු කරන්න විශේෂ පුහුණු වැඩසටහන ජූලි 16

අනාගතයේ ලොව වැඩිම ඉල්ලුමක් සහිත හැකියාවක් වන්නේ නිර්මාණශීලී චින්තනයයි. සෑම දරුවෙක් තුළම ඔහුට හෝ ඇයටම ආවේණික නිර්මාණශීලීත්වයක් ඇත. එය මතුකරගෙන විශ්වයට යහපත් බලපෑමක් කරන පුද්ගලයෙක් බවට පත්වීමට මෙන්ම ජීවිතය සතුටින් ගත කිරීමටත් "පාසලෙන් උගන්වන්නේ නැති නිර්මාණශීලී පාඩම් දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න ඔබ සූදානම්ද?" යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති 'Think Like Da Vinci' වැඩසටහන තුළ අන්තර්ගත වන්නෙ නිර්මාණශීලීත්වය වටහා ගැනීමට මඟපෙන්වීම, නිර්මාණශීලී සිතිවිලි රටාව ගොඩනැඟීම ප්‍රායෝගික නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පරිකල්පන හැකියාව සහ කුතුහලය වර්ධනය නව ලොව නිර්මාණශීලී චින්තන ක්‍රමවේද ජීවිතයට මුසු කිරීම වැනි සංකල්ප සහ භාවිතයන්ය.

වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන් සඳහා සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම එකදින වැඩසටහන ජූලි 16 වැනිදා උදෑසන 9 සිට සවස 3.30 දක්වා නාවල පිහිටි SLITAD ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ලියාපදිංචිය පිළිබඳ විස්තර 0777 004 186 අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

වැඩසටහන මෙහෙයවන්නේ පිටපත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇති 'ජීවිතය වෙනස් කරන කතා', 'මහ මොළකාරයෝ', 'තරගයේ වීරයා', 'ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද' වැනි කෘති රැසක් රචනා කළ කැලුම් වැලිගම මහතාය. ඔහු පුද්ගල සංවර්ධනය, නිර්මාණශීලීත්වය, නායකත්වය, අලෙවිකරණය සහ ව්‍යවසායකත්වයට අදාළ නවීනතම දැනුම් සම්භාරයක් ප්‍රායෝගික ආරකින් පාඨකයන් වෙත තිලිණ කළ වත්මන් ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක් සහ පුද්ගල සංවර්ධන දේශකයෙකි.

මාතෘකා