N-Joy පිරිසුදු සුදු පොල්තෙල් නව මුහුණුවරකින්

 ඡායාරූපය:

N-Joy පිරිසුදු සුදු පොල්තෙල් නව මුහුණුවරකින්

 

පිරිසුදු පොල්තෙල් සඳහා කීර්තිමත් සන්නාමයක් වන, N-Joy ස්වාභාවික සුදු පොල්තෙල් මෑතකදී එහි පොල්තෙල් නිෂ්පාදන සමූහය නව ආරකින් නැවත එළිදක්වන බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පොල්තෙල් සඳහා SLS32 වන ප්‍රමිතිය ඇති බවට සහතික කරන ලද එකම පිරිසුදු සුදු පොල්තෙල් නිෂ්පාදනය වන N-Joy යනු සම්පූර්ණයෙන්ම ස්වාභාවික නිෂ්පාදනයකි. "දන්න ඇයට" තේමාව යටතේ N-Joy සන්නාමයේ නැවත එළිදැක්වීමේදී එහි සන්නාම තානාපතිනිය, කීර්තිමත් නිළි පූජා උමාශංකර් සහ ඇගේ සැබෑ මව ඇතුළත් ප්‍රචාරණ කටයුතුවලින් සමන්විත වේ.

"කලක සිට වෙ‍ෙළඳපොළේ සිටි අපට අවශ්‍ය වූයේ නිෂ්පාදනයේ සිට ඇසුරුම්කරණය දක්වා සුවිශේෂී වෙනසක් සිදු කිරීමයි. පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අපගේ අත්දැකීම් සහ විශේෂඥතාව වසර 150ක් තරම් ඈතට දිව යනවා. ආරම්භයේ සිටම අප විසින් සිදු කර ඇති ආකාරයටම අපගේ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමේ ප්‍රවීණතාව සහ හැකියාව අප සතුව තිබෙනවා" යනුවෙන් ඇඩම්ජි ලූක්මන්ජි ඇන්ඩ් සන්ස් සමාගමේ අලෙවි කළමනාකරු සුරේන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීය.

සමාගම කාලාන්තරයක් මුළුල්ලේ විශිෂ්ට ක්‍රමවේද අනුගමනය කර පිරිසුදු සුදු පොල්තෙල් නිෂ්පාදනය කරයි. N-Joy පිරිසුදු සුදු පොල්තෙල් 2001දී වෙළෙඳපොළට හඳුන්වා දුන් දින සිට පාරිභෝ්ගික විශ්වාසය දිනාගත් නිෂ්පාදනයක් වේ. N-Joy හි සුවිශේෂීත්වය නම් එය කිසිඳු රසායනික ක්‍රියාවලියකට හෝ අධික තාප ක්‍රියාවලියකට භාජන කිරීමකින් තොරව නිපදවන ස්වාභාවික, ආහාර පිසීම සඳහා පාවිච්චි කළ හැකි පොල්තෙල් වර්ගයක් වීමයි. එය පිරිපහදු කිරීම, වර්ණය වෙනස් කිරීම හෝ සුවඳ වෙනස් කිරීමට (RBD) ලක් නොවේ. ලොව පුරාම පොල්වල සෞඛ්‍යසම්පන්නභාවය පිළිබඳ නැවත කථිකාවක් මතුවීමත් සමඟ මෙම නිෂ්පාදනය පාරිභෝගිකයාට පොල්වල ඇති සියලු ගුණාංග නොවෙනස් ස්වරූපයෙන් පිරිසුදු ආකාරයෙන් ලබා ගැනීමට මඟ පාදයි. N-Joy පොල්තෙල් කොලෙස්ටරෝල් රහිත වන අතර එහි ට්‍රාන්ස්මේදය අඩංගු නොවේ. N-Joy ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සහතික කර ඇත SLS32 ප්‍රමිතියට අනුව නිපදවන අතර සමාගම ISO 22000 ආහාර සුරක්ෂිතතා ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව නිෂ්පාදන සිදු කරයි. මෙයට අමතරව සමාගමේ අගය එකතු කරන ලද පොල්තෙල් සඳහා දිගු කාලීන සන්නාමයක් වන "ඩබල් පාම්" දකුණු ආසියාවේ ප්‍රමුඛ වෙළෙඳපොළ කොටසක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත. වර්ජින් පොල්තෙල් සහ පෝෂණ ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු නව නිෂ්පාදන රාශියක් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීමට සමාගම සැලසුම් කරයි.

මාතෘකා