ACL කේබල්ස් නැවතත් වටිනාම සන්නාම 50 අතරට

 ඡායාරූපය:

ACL කේබල්ස් නැවතත් වටිනාම සන්නාම 50 අතරට

ශ්‍රී ලංකාවේ අංක 1 කේබල් නිෂ්පාදකයා වන ACL කේබල්ස් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් 50 අතර සිය ස්ථානය නැවත වරක් ඉහළ නංවාගැනීමට සමත්වී සිටී. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සන්නාමයන් 50 අතර අඛණ්ඩව වසර 04ක් රැඳුණු එකම කේබල් නිෂ්පාදන සමාගම වශයෙන් සමත් වී සිටින ACL කේබල්ස් සමාගම වෙළෙඳපොළ තුළ සිය ප්‍රමුඛත්වය නැවතවරක් පෙන්නුම් කර ඇත.

ACL කේබල්ස් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් 50 අතර මෙම වර්ෂයේදී Brands Annual සමීක්ෂණයේදී 44 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. පසුගිය වර්ෂයේ 45 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඔවුන් සමත් විය. මෙම සන්නාම සමීක්ෂණය Brands Finance විසින් සංවිධානය කරනු ලබන අතර LMD විසින් ශ්‍රේණිගත කිරීම් ප්‍රධානය කරනු ලබයි.

2016 වර්ෂයේ සිට සෑම වර්ෂයකදීම ACL කේබල්ස් සමාගම මෙම ශ්‍රේණිගත කිරීමේදී සිය ස්ථානය ඉහළ නංවා ගෙන තිබෙන අතර එම වාර්තාවට හිමිකම් කියන එකම කේබල් නිෂ්පාදන සමාගමද වේ. ඊට අමතරව ඉදිකිරීම් අංශයෙන් වටිනාම පාරිභෝගික සන්නාමය ලෙස තමන්ට හිමිව තිබූ 3 වැනි ස්ථානය රැක ගැනීමටද සමාගමට හැකියාව ලැබී ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා යොදාගන්නා Brands Finance ඇගයීම් උපමානයන් අනුව ACL කේබල්ස් සිය සන්නාම වටිනාකම 30%කින් පෙර වර්ෂයට වඩා ඉහළ නංවාගෙන තිබෙන අතර A+ සන්නාම ශ්‍රේණියට හිමිකම් කීමට සමත්ව සිටී.

මාතෘකා