Genei සහ eZCash ඔස්සේ දැන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාරික ගෙවීමේ පහසුකම

 ඡායාරූපය:

Genei සහ eZCash ඔස්සේ දැන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාරික ගෙවීමේ පහසුකම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඩයලොග් ආසියාටා සමඟ එක්වෙමින් සිය රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂණ වාරික Genei සහ eZCash ඔස්සේ ගෙවීමේ පහසුකම සලසා තිබේ. මේ මඟින් පාරිභෝගිකයන්ට එවෙලේම ඉතා ආරක්ෂාකාරී ලෙස හා පහසුවෙන් වාරික ගෙවීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව තාක්ෂණික දැනුම ඔස්සේ වඩාත් ඵලදායී පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා නිරන්තරයෙන් උත්සාහ දරන අතර එහි දිගුවක් ලෙස පාරිභෝගිකයන්ට රක්ෂණය යන සංකල්පය සමීප කිරීම සඳහා නව තාක්ෂණය ඔස්සේ ඔවුන්ට ආයතනය මඟින් සම්බන්ධ විය හැකි මාර්ග පුළුල් කිරීම සිදු කරයි.

මෙම ගෙවීමේ පහසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට Google Play Store හෝ Apple App Store හරහා Genei ලබාගත හැකි අතර එසේත් නැත්නම් #111# අංකය මඟින් eZ Cash පහසුකම ඔස්සේ ගෙවීම් සිදුකළ හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන උපායමාර්ගික පියවරක් වන්නේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ වෙළෙඳපොළ ළඟාකර ගැනීම සඳහා නව්‍ය විසඳුම් හඳුනවාදෙමින් තාක්ෂණය වැලඳ ගැනීමයි. අපගේ ව්‍යාපාරය ගණුදෙනුකරුවන් වෙත සමීප කිරීම සඳහා වන මෙම උපාය මාර්ග අපගේ ව්‍යාපාර හවුල්කරුවන් හා අනෙකුත් විවිධ පාර්ශ්වයන්ට වටිනාකමක් එක් කරන අතරම නව ව්‍යාපාරික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට අවස්ථාව ලබා දෙනවා." යනුවෙනි.

මාතෘකා