ජාතික ඖෂධ නියාමන අධිකාරිය Epic Technology සමඟ ඩිජිටල්කරණයට

 ඡායාරූපය:

ජාතික ඖෂධ නියාමන අධිකාරිය Epic Technology සමඟ ඩිජිටල්කරණයට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජාතික ඖෂධනියාමන අධිකාරියේදී පසුගියදා සිදුකෙරිණි.

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ එම ව්‍යාපෘතියේ සේවා සම්පාදකයා ලෙස කටයුතු කරන්නේ Epic Technology සමූහයයි. මෙම නව ක්‍රමවේදය eGovernment Solution නැමැති පුරෝගාමී පරිවර්තනයේ ප්‍රතිඵලයක් වන අතර එමඟින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂිතය.

මෙම නව ක්‍රමවේදය තුළින් මෙහෙයුම් වියදම් අවම කිරීම සහ නියාමන ක්‍රියාවලිය සඳහා වසරකට වැයවන කාලය මිනිස් පැය දහස් ගණනකින් අඩුකිරීමට හැකිවන බැවින් ඒ තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට විශිෂ්ට නියාමනයක් සඳහා හැකියාව ලැබෙන බව එම අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා පැවසීය.

---------------------------------

2018 වසරේ ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කැපී පෙනෙන සන්නාමය වෙජිමයිට්

සුප්‍රකට රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ පළවූ වාර්තාවකට අනුව 'වෙජිමයිට්' සන්නාමය 2018 වසරේ ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කැපී පෙනෙන සන්නාමය බවට පත්විය. මෙය උතුරු ඇමෙරිකාවේ 'කැටලිස්ට්' සමීක්ෂණ ආයතනය කළ සමීක්ෂණයේ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ රීඩර්ස් ඩයිජස්ට් සගරාවේ පළ වූ අතර මෙවර සමීක්ෂණයට එරට වැඩියන් 2400කට අධික පිරිසක් සහභාගි වී ඇත.

චීස් සහ ආහාර නිෂ්පාදකයකු වූ ෆ්‍රෙඞ් වෝකර් වර්ෂ 1922දී රසායන විද්‍යාඥ පර්සි කැලිස්ටර් සමග යීස්ට් අඩංගු රසවත් ආහාර තැවරුමක් සකස් කළ අතර එය පිරිසිදු එළවළු සාරය නම් විය. පසුකාලීනව වෝකර් මහතාගේ දියිණිය විසින් මෙම නිෂ්පාදනය 'වෙජිමයිට්' නාමයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලදී. අද වන විට වෙජිමයිට් නිෂ්පාදන ටොන් 6800ක් වාර්ෂිකව නිපදවන අතර බෝතල් මිලියන 22කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කරයි.

පාරිභෝගික ඔබ වෙජිමයිට් තැවරුම දිනකට එක් වේලකට හෝ එක් කර ගන්නේ නම් මිනිස් සිරුරට දෛනිකව අවශ්‍ය කෙරෙන විටමින් B1 (තයමීන්), B3 (නියසීන්) හා ෆෝලික් ඇසිඞ් ප්‍රමාණයන්ගෙන් 25%ත් 50%ත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකිය. 100% නිර්මාංශ ආහාරයක් වන වෙජිමයිට් නිෂ්පාදනය ග්‍රෑම් 150, 220 හා 380 යන ප්‍රමාණවලින් දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල්වලින් ලබා ගත හැකිය.

මාතෘකා