ලොකු ලොකු ඉලක්ක පොඩි කාලෙකින් ලඟා කරගන්න

 ඡායාරූපය:

ලොකු ලොකු ඉලක්ක පොඩි කාලෙකින් ලඟා කරගන්න

"HDFC Smart Goals"

2019 නව වසර ඇරඹුමත් සමඟ නිවාස මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බැංකුව වන HDFC බැංකුව නවතම ඉතුරුම් සැලැස්මක් 'HDFC Smart Goals' මින් හඳුන්වාදුන් අතර එය අතිශය සාර්ථකත්වයට පත්ව ඇත. එයට හේතුව මෙම ගිණුමේ ඇති සුවිශේෂී නවතම ලක්ෂණ පාරිභෝගික සැමගේ කෙටිකාලීන අරමුණු ඉටු කර ගැනීිමට ගැළපෙන ලෙස සැලසුම් කොට තිබීමයි. ඉතා ඉහළ පොලී අනුපාතයක් ලබාදීම, නම්‍යශීලීබව මෙන්ම පහසුව මෙහි විශේෂිත ලක්ෂණයි.

'Smart Goals' ගිණුමක් ආරම්භ කරන පාරිභෝගිකයකුට තම කෙටිකාලීන අරමුණු වසර 3ක් අවසානයේදී ඉටුකර ගැනීමට සැලසුම් කළ හැකිය. විශේෂයෙන්ම නවතම මෝටර් රථයක් මිලදී ගැනීම, විවාහ උත්සවය පැවැත්වීම, තම දරුවන්ට මෙරට දී හෝ පිටරට උසස් අධ්‍යාපනය ලබාදීම, දඹදිව වන්දනා ගමනක් යෑම ආදී විවිධ බලාපොරොත්තු ඒ අතර තිබිය හැකිය.

HDFC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි පාලිත ගමගේ මහතා සඳහන් කළේ, මෙම ඉතුරුම් සැලසුම දීර්ඝ කාලයක් බලා නොසිට, සාපේක්ෂව අඩු කාලයකින් තම අපේක්ෂාවන් ඉටුකරගැනීමට ඉතා ගැළපෙන බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගිණුම සඳහා තම ගනුදෙනුකරුවන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබීම අතිශය ධෛර්යක් බවත් දිනකට දළ වශයෙන් නව ගිණුම් 200ක් ආරම්භ කරනු ලැබීම තම අපේක්ෂාව බවය. මේ සඳහා දැනට තිබෙන ඉල්ලුම තවදුරටත් පවතිනු ඇති බවටත් දීර්ඝ කාලීන ආයෝජන සැලසුමක් ලෙසද මෙය ජනප්‍රිය විය හැකි බවටත් පාලිත ගමගේ මහතා විශ්වාසය පළකරයි.

------------------

අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා තුනක් IIHS වෙතින්

International Institute of Health Sciences (IIHS) මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලය (OUM) සමඟ එක් වී උසස් පෙළ සමත් සිසුන්ට හා ගුරුවරුන්ට Bachelor of Education (TESL) with Hons, Bachelor of Teaching හා Bachelor of Early Childhood Education with Hons යන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා තුන හඳුන්වා දෙයි.

Bachelor of Education (TESL) යන තුන් අවුරුදු උපාධිය IIHSහිදී (www.iihsciences.edu.lk) හැදෑරිය හැකි අතර එම උපාධිය මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයෙන් පිරිනැමේ. මේ උපාධියේ අරමුණ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරතවූවන්ගේ වෘත්තීය මාර්ගය වර්ධනය කිරීමය. මෙහිදී ඉංග්‍රීසි දෙවැනි භාෂාවක් ලෙස උගන්වන ගුරුවරුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙන අතර ඉංග්‍රීසි ඉගැන්වීමේ නිසි ක්‍රමවේද හා දැනුම ඊට ඇතුළත්ය. මේ උපාධිය ශ්‍රී ලංකාවේ හා විදේශවල ගුරු වෘත්තියේ නියැලීමට විශේෂ සුදුසුකමකි. මෙම උපාධි අපේක්ෂකයන්ට මැලේසියාවේ විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලටද සහභාගි විය හැකිය.

මාතෘකා