ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම 25 වැනි සංවත්සරය සමරයි

 ඡායාරූපය:

ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම 25 වැනි සංවත්සරය සමරයි

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල 30කදී, මඩපාත සහ බණ්ඩාරගම පිහිටි පහසුකම් සංකීර්ණ 02කදී සහ රන්න නිෂ්පාදන සංකීර්ණයේදී සියළු සේවකයන්ගේ සහභාගිත්වයෙන් එකම වේලාවක කෙටි උත්සවයක් පවත්වමින් මෙරට විශාලතම මෝටර් සමාගම වන සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් පෞද්ගලික සමාගම පසුගියදා තම අභිමානවත් රිදී ජුබිලිය සැමරුවේය. සරල වුවත් ඉතා අභිමානී අයුරින් පැවැති මෙම කෙටි උත්සවයේ ප්‍රධානත්වය, සමාගම ආරම්භයේ සිටම සේවයට එක්වූ සේවක මහත්ම මහත්මීන්ට ලබාදී තිබීම එහි විශේෂත්වය විය.

පසුගිය වසර 25 තුළ සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බොහෝ දේවල්වල පළමු තැන වෙමින් සදා නොමැකෙන සන්ධිස්ථානයන් තබමින් සාර්ථක ලෙස ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.

"නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් පමණක් අප පාරිභෝගික සේවය අවසන් කරන්නේ නැහැ. පාරිභෝගිකයා කොතැනක සිටියත් අප අලෙවි කළ නිෂ්පාදනයට අදාළ සේවා සහ අමතර කොටස් ඔවුනට පහසුවෙන් ලබා ගත හැකි පරිදි අපි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. මම විශ්වාස කරන අන්දමට එය තමයි අපේ සාර්ථකත්වයේ පදනම" යැයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙහි සභාපති ඩේවිඩ් පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මුළු වාහනවලින් සියයට 34ක කොටසකට හිමිකම් කියන සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් පෞද්ගලික සමාගම, අද වන විට ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම බවට පත් වී ඇත.

බජාජ් නිෂ්පාදන සඳහා මෙරට එකම බෙදාහරින්නන් වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බජාජ් නාමය ගෘහස්ථ සන්නාමයක් බවට පත් කිරීමට සමත් වී ඇති අතර මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ සඳහා මෙරට වෙළෙඳපොළ ප්‍රමුඛයා බවටද පත් වී ඇත. මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ සඳහා 2018 වසරේ හොඳම ජාත්‍යන්තර වෙළෙඳ පොළ කොටස්කරු ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඩ් වෙතින් සම්මානයටද පාත්‍ර වූයේ සමාගමේ ප්‍රගතිය තව දුරටත් පසක් කරමිනි.

මාතෘකා